තත්පර 2කින් ෂර්ට් එකක් පිලිවෙලකට නමන විදය ඉගෙන ගන්න කැමතිද?
Submitted by Srilife on Sat, 11/28/2015 - 13:30ෂර්ට් එකක් ලස්සනට නමා තබන එක විනාඩි කීපයක් වැයවෙන වැඩක්. ඊටත් වඩා, බොහෝ දෙනෙකුට ෂර්ට් එකක් පිලිවෙලකට නමනවා කියන්නේ ඉතාමත් කම්මැලි වැඩක්. ඒ වගේ කෙනෙකුට තත්පර 2ක් තුල ෂර්ට් එකක් පිලිවෙලකට නමා තබන්න පුළුවන් ක්රමයක් තියනවා කිව්වොත් විශ්වාස කරන එකකුත් නෑ. ඒත් මේ විඩියෝවෙන් අත් කොට ෂර්ට් සහ ටී ෂර්ට් ඉතාම පහසුවෙන් පිලිවෙලකට නමා තබන අකාරය සරලව කියල දෙනවා. මේ වීඩියෝවේ නිර්මාණකරු කියන්නේ, මෙය ජපනුන් විසින් සොයාගත්ත ක්රමයක් වුනත් කවදා කවුරුන් විසින් සොයාගත්තද කියන එක හරියටම කියන්න බැහැ කියලයි. ෂර්ට් ලස්සනට නමන එක ඔයාටත් ගොඩක් කම්මැලි වැඩක් නම් මේ වීඩියෝ එක බැලුවට පස්සේ ගොඩක් විනෝදයෙන් කරන්න පුළුවන් වැඩක් වේවි