දින දෙකක් තුල මිලයන 4 ඉක්මවා නැරඹු, මේ වසරේ හැගීම්බරම නත්තල් කථාව

සෑම වසරක් පාසාම බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ සිල්ලර වෙළදසැල් ජාලයක් වන ‘‘Sainsbury’s‘‘ විසින් නත්තල වෙනුවෙන් ඉතාමත් හැගීම්බර කෙටි චිත්‍රපටයක් එලිදක්වනවා. එලෙසින්ම මේ වසරේදීත් ඔවුන්  නත්තල වෙනුවෙන් ඉතාමත්අපූරු වීඩියෝවක් නිර්මාණය කලා. Mog කියන පූසා අතින් සිදුවන අත්වැරදීම් නිසා නත්තල් දවසේ මුහුණ දෙන්න සිදුවන අකරතැබ්බයක් තමයි මේ වීඩියෝවේ අන්තර්ගත වෙලා තියෙන්නේ. කොහොම වුනත් අන්තිමේදි සියල්ල හොද විදිහට විසදෙනවා.  Judith Kerr නම්  ලේඛිකාවගේ නත්තල් කථාවක් අනුව නිර්මාණය කල  මේ කෙටි චිත්‍රපටිය ‘‘Mog’s Christmas Calamity‘‘ කියලා තමයි නම් කරලා තියෙන්නේ.

ඉතාමත් අපූරු හැගිම්බර සිදුවීමක් රැගත් මේ කෙටි චිත්‍රපටිය අන්තර්ජාලයට නිකුත්කර දින 2ක් ගතවන්නටත් පෙර මිලයන 4 ඉක්මවා නරඹලා තිබෙනවා.

 

Sainsbury’s OFFICIAL Christmas Advert 2015 – Mog’s Christmas Calamity

 

© 2015 srilife.lk