වසර අවසානයේ වඩාත් කතාබහට ලක්වූ ස්කාලට්ගේ අමුතුම හොලිවුඩ් චරිතය

සුප්‍රකට හොලිවුඩ් නිළි ස්කාර්ලට් ජොන්සන් රංගනයෙන් දායක වන නවතම සිනමා නිර්මාණයේ පුර්ව ප්‍රචාරක පටයක් අන්තර්ජාලට නිකුත් වී තිබෙනවා. Ghost in the Shell  ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය 2017 වර්ෂයේදී තිරගත වීමට නියමිතයි. ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂණය උපරිම ලෙස යොදාගනිමින් නිර්මාණය කරන මෙහි ස්කාර්ලට්ගේ  චරිතය පිළිබඳව චිත්‍රපට ලෝලීන්ගේ දැඩි අවධානයක් මේ වන විටත් යොමුවී තිබෙනවා. එයට හේතු වී ඇත්තේ ඇය රොබෝවරියකගේ චරිතය චිත්‍රපටය තුල නිරූපනය කිරීමයි..

1989 වර්ෂයේදී මුද්‍රණය කළ "Ghost in the Shell" නම් කොමික් පොත ඇසුරෙන් චිත්‍රපටය නිෂ්පාදනය අතර Rupert Sanders විසින් මෙහි අධ්‍යක්ෂණය සිදුකරනු ලබනවා. paramount pictures සමාගමේ නිෂ්පාදක් ලෙස ලබන වසරේ මෙය ලොව පුරා තිරගත වීමට නියමිතයි.

චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න

Ghost in the Shell Trailer (2017) Official Trailer - Paramount Pictures

 

© 2015 srilife.lk