Jurassic world චිත්‍රපටයේ දී දෘෂ්‍ය ප්‍රයෝග භාවිත කල හැටි බලන්න

Jurassic world චිත්‍රපටය 2015 ජූනි මාසයේ දී Jurassic park චිත්‍රපට මාලාවේ නවතම කථාංගය ලෙස ලොව පුරා  ප්‍රදර්ශනය කිරීම ඇරඹුනා.  එම වසරේ දී ආදයම් වාර්තා තබමින් තිරගත වූ මෙම චිත්‍රපටය මේ වන විට ඔබත් නරඹා තිබෙන බවට සැකයක් නැහැ. ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂණය උපරිම ලෙස යෙදා ගනිමින් නිර්මාණය කර තිබෙන මෙම චිත්‍රපටය නරඹන්නන් පැය කිහිපයකට ජුරාසික් ලෝකයට ගෙන යන්නට තරම් ඉතාමත් තාත්විකව දෘෂ්‍ය ප්‍රයෝග භාවිතා කර තිබුණා. මේ වන විටත් ඔබ එය නරඹා තිබේ නම් ඒ පිළබද නැවත කියන්ට අවශ්‍ය වෙන්නේ නැහැ.

චිත්‍රපටයේ දෘෂ්‍ය ප්‍රයෝග නිර්මාණය කල ILM Visual සමාගම පසුගිය දිනක චිත්‍රපටයේ තිරය පිටුපස දර්ශන ඇතුලත් කෙටි වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කලා. Jurassic world චිත්‍රපටයේ දී නොදුටු ලෝකයක් ඔබ ඉදිරියේ මවන්න ඔවුන් භාවිත කළ දෘෂ්‍ය ප්‍රයෝග ඇත්තෙන්ම පුදුම සහගතයි.

Behind the Magic: The Visual Effects of Jurassic World

 

© 2015 srilife.lk