ගාලු මුහුදට පතිත වේ යැයි කියූ සුන්බන් කැබැල්ලේ පැහැදිලි, සත්‍ය වීඩියෝ දර්ශනය

පසුගිය 13 වන දින ලංකාවේ ගාල්ලට ආසන්න මුහුදු තීරයට පතිත වෙනවා යැයි පැවසූ අභ්‍යවකාශ සුන්බුන් කැබැල්ල බලාපොරොත්තු වූ ආකාරයට මුහුදුට පතිත වූයේ නැහැ. විද්‍යාඥයින් පැවසූයේ එය වායුගෝලයට ඇතුල් වූ පසු ඉහල අහසේදීම ගිනිගෙන විනාශ වන්නට ඇති බවයි. මේ වන තුරුත් එම සුන්බන් කැබල්ල පිළිබද හෝඩුවාවක් තිබුණේ නැහැ. අබුඩාබි හි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අභ්‍යවකාශ ඒජන්සිය එහි කෙටි වීඩායෝවක් අනත්ර් ජාලයට මුදා හැර තිබෙනවා. මෙම වීඩියෝව අහසේ සිට පටිගත කර ඇති අතර මෙහි පැහැදිලිව දැක්වෙන්නේ මෙම ආකාශ වස්තුව වායුගොලයට ඇතුල්වූ පසු කොටස් වලට කැඩී ගිනි ගෙන විනාශ වූ ආකාරයයි. ඔවුන් ට්විටර් පණිවිඩයකින් තව දුරටත් පවසා ඇත්තේ ‘‘WT1190F අභ්‍යවකාශ සුන්බන් කැබැල්ල නැවත පෘතුවි වායූගෝලයට ඇතුල් වෙන ආකාරය පටිගත කිරීමේ මෙහෙයමු ඔවුන් සාර්ථක ලෙස නිම කිරීම ගැන ඉතාමත් සතුටු වන බවයි“

source: cnn

Mystery object falls to Earth

 

© 2015 srilife.lk