බ්‍රෙන්ඩන් මැකලම් වසර 10කට පසු සංගාගෙන් සහ මුරලිගෙන් සමාව අයදියි

2006 වසරේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලියේදී සිදුවූ අමිහිරි සිදුවීමක් ඊට වසර දහයකට පසු නොබෝදා පැවති ලෝඩ්ස් පිටියේ වාර්ෂික Cowdrey දේශණයට සහභාගී වෙමින් නවසීලන්ත ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් කුමාර සංඝක්කාර ගෙන් සහ මුත්තයියා මුරලිදරන්ගෙන් සමාව ඇයද සිටියේය.
"අපි 2006 ශ්‍රීලංකාවත් එක්ක ක්‍රීඩා කරපු ටෙස්ට් තරගාවලියේ එක් තරගයක කුමාර සංඝක්කාර විශිෂ්ඨ ශතකයක් වාර්තා කලා. ඒ අවස්තාවේ ඔවුන්ගේ කඩුලු 9ක්ම බිද වැටිලා තිබුනේ. එක් ලකුණක් ලබාගනිමින් කුමාර් ශතකය වාර්තාකරපු අවස්තාවේ ඔහුට සුබ පතන්න ඉදිරියට ගිය මුරලිව මම දුවද්දී දැවී යාමකට හසු කරගත්තා. අපි තරගය ජයගත්තා. එතන කිසිම නීති විරෝදී ක්‍රියාවක් සිදු වුනේ නෑ. නමුත් තරගය නිමා වීමෙන් පසුව මම කිසියම් වරදක් කලා වැනි හැගීමක් මට ඇතිවුනා. මීට පසුව එවැනි දේවල් සිදු නොකිරීමට මම සිතාගත්තා. මට කාලයේ ආපස්සට යාමට හැකිනම් මම මුලින්ම කරන්නේ මගේ වරද නිවැරදි කරගැනීමයි. අපි ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කරමු. මුත්තයියා මුරලිදරන් ගෙන් සහ කුමාර සංගක්කාරගෙන් මම මේ මොහොතේ සමාව ඇයද සිටිනවා"

Brendon McCullum on running out Murali | 2016 Cowdrey Lecture

 

© 2015 srilife.lk