සුපිරි නළු Jason Statham ගේ LG G5 වෙළඳ දැන්වීම

සුපිරි නළු Jason Statham ගේ LG G5 වෙළඳ දැන්වීම

මීට සති කීපයකට පෙර වෙළඳපලට නිකුත් කල LG G5 දුරකථනයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කිරීමෙන් පසු බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. ඒ සුපිරි හොලිවුඩ් සටන් නළු Jason Statham මේ සඳහා රංගනයෙන් දායක වීම නිසයි. අළුත්ම තේමාවක් යටතේ නිර්මාණය කර තිබෙන මෙම දැන්විමේ සියළුම චරිත සඳහා Jason Statham ගේ මුහුණුවර යොදා ගෙන තිබීම විශේෂත්වයක් ලෙස හදුන්වන්න පුළුවන්.

 Android 6.0 Marshmallow මෙහෙයුම් පද්ධතිය සහිත මෙම දුරකථනය quad-core ප්‍රොසෙසරයකින් යුක්තයි. ඒ වගේම 4GB  RAM එකක් සහ 32GB මතක ධාරිතාවක් මෙයට ලබා දී තිබෙනවා. තවත් බොහෝ විශේෂාංගයන්ගෙන් සමන්විත LG G5 දුරකථනය මේ වසරේ දී ඉතා හොඳ අලවියක් වාර්තාකල හැකි වෙතැයි බලාපොරොත්තු තබා තිබෙනවා.

LG G5 : Jason Statham Commercial

© 2015 srilife.lk