Wright සහෝදරයින්ට පෙර ඉගිලෙන්න උත්සාහ කල Wrong සහෝදරයෝ

Wright සහෝදරයින්ට පෙර ඉගිලෙන්න උත්සාහ කල Wrong සහෝදරයෝ

අහසේ පියාසර කරන්න හැකි සාර්ථක ක්‍රමයක් පිළිබද මිනිසුන්ගේ අවධානය යොමු වුණේ බොහෝ කාලයකට ඉහත දී යි. මේ ආකාරයෙන් අහසේ පියාඹන්න සිහින දැකපු බොහෝ  පිරිසක් වසර ගණනාවක් තිස්සේ විවිධ ක්‍රම අත්හදා  බැලුවා. කෙසේවෙතත් අවසානයේ සාර්ථකව අහසේ පියාසර කල හැකි යන්ත්‍රයක් එහෙමත් නැත්නම් ගුවන් යානයක්  නිපදවීමේ ගෞරවය හිමු වුණේ රයිට් සහෝදරයන්ටයි. ඔවුන් 1903 දෙසැම්බර් මාසයේ දී නූතන ලෝකයේ මිනිසෙක් කල ප්‍රථම ගුවන් ගමන සිදු කරන්නට සමත් වුණා.

සිහන හඹායන්නන්ට රයිට් සහෝදරයින් ජීවිත කතාව තරම් තවත් අභිප්‍රේරණයක් නැති තරම්. බොහෝ ආර්ථික ගැටළුවට මුහුණ දෙමින් ජීවිතයේ වැඩි කාලයක් ගත කල මේ සහෝදරයින්ට මානසික අවපීඩනය වැනි සෞඛ්‍ය  ගැටළුවලටද මුහුණ පාන්නට සිදුවුණා.  ජීවත්වීම පිණිස බයිසිකල් විකුණන කඩයක් පවත්වාගෙන ගිය මෙවුන් එහි සිට ගුවන් යානයක් සෑදීමේ දැඩි සිහිනය තබාගෙන පරීක්ෂණ සිදුකලා. අළුත් දෙයක් ලොවට හදුන්වා දෙන්නට උත්සාහ කරන බොහෝ අයට මෙන් මොවුන් දෙදෙනාටත් විශාල වාර ගණනක් අසාර්ථකවීම් වලට මුහුණ දීමට සිදුවුණා. නමුත් ඔවුන්ගේ සිහිනයේ ඇති ප්‍රබලත්වය නිසා අවසානයේ ගුවනින් ගමන් කළ හැකි ප්‍රථම ගුවන් යානය නිපදවමින් ප්‍රවාහන ක්ෂේත්‍රෙය් විප්ලවයක් සිදුකරන්න මේ සහෝදරයන් දෙදෙනා සමත් වුණා.

පහත වීඩියෝවේ දැක්වෙන්නේ පියාසර කල හැකි යන්ත්‍රයක් නිපදවන්න මිනිසුන් දැරූ විවිධ උත්සහයන් කීපයක දර්ශනයි. එහි අවසානයේ දැක්වෙන්නේ රයිට් සහෝදරයන් 1903 දී කල ප්‍රථම සාර්ථක ගුවන් ගමනයි

 

Early Flight (b&w, silent, 16mm) Vintage Films

© 2015 srilife.lk