පොලිසියට හොරෙන්, මහ රෑ අයිෆල් කුලුණේ මුදුනටම නගින ඇග හිරි වැටෙන වීඩියෝව

පැරීසියේ අයිෆල් කුලුණ මතට නගින එක ඕනෑම සංචාරකයෙකුගේ සිහිනයක්. අයිෆල් කුලුණ අසලට ගිහින් ටිකට් එකක් ලබා ගත්තොත් ඔබටත් පහසුවෙන්ම විදුලි සෝපානයකින් අයිෆල් කුලුණ ඉහලට යන්න පුළුවන්. එත් James Kingston කියන පුද්ගලයාට අඩි 984ක් උස අයිෆල් කුලුණට තරණය කරන්න අවශ්‍ය වුණේ ඒ විදිහට නෙවෙයි. James  කියන්නේ ත්‍රාස්‍යජනක ක්‍රියාකාරකම් කරන Youtube වෙබ් අඩවිය හරහා ලෝකයේ ප්‍රසිද්ධ වු චරිතයක්. මීට පෙර අග කිලිපොලා යන බිහිසුණු ත්‍රාස්‍යජනක වීඩියෝ කීපයකින් බිහිසුණු අත්දැකිමක් ලාබා දුන්  James මෙවර තෝරා ගත්තේ අයිෆල් කුලුණනේ සැකිල්ල මතින් ලණුවක් හෝ කිසිම ආධාරකයක් නොමැතිව ඉහලට ගොඩවීමටයි.
James සහ ඔහුගේ සගයාට මේ ත්‍රාස්‍යජනක වැඩේ කරන්න සිදුවුණේ පාන්දර 1ට විතර, ඒකට හේතුව තමයි මෙය නීති විරෝධී ක්‍රියාවක් වීම. ඔවුන් මුලින්ම සාමන්‍ය සංචාරකයෝ වගේ ටිකට් එකක් අරගෙන සෝපානයෙන් පලවෙනි තට්ටුවට ගිහින් එතන ඉදන් ආරක්ෂකයින්ට හොරෙන් කුලුණ නගින්න පටන් ගන්නවා.
ආරක්ෂකයින්ට නොපෙනී සිටීමට, පැය ගණන් ඔවුන්ට කුලුණේ තිබෙන විශාල සිදුරුවල සැගවී ඉන්නත් සිද්ධ වෙනවා. නමුත් අවසානයේ දි ආරක්ෂකයන් විසින් මොවුන් දෙදෙනා දකිනවා. උදේ 9 වන විට කුලුණෙන් බිමට බසින මේ දෙන්නා අරක්ෂකයන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැය 6ක ප්‍රශ්න කිරීමකින් පසු වසර තුනකට අයිෆල් කුලුණ පැත්තටවත් නොඑන පොරෙන්දුව මත තමයි දඩුවමකින් තොරව දෙදෙනා නිදහස් වෙන්නේ.
මේ මුළු ත්‍රාස්‍යජනක ක්‍රියාවම GoPro කැමරාවකින් ඔවුන් පටිගත කර ඇති අතර පාන්දර 3න් පසු ලබාගත් දර්ශන ඉතාමත් පැහැදිලිව ඔයාලට බලාගන්න පුළුවන්. අයිෆල් කුලුණේ හරස් බාල්ක මත කිසිම අධාරකයකින් තොරව ඇවිද යන දර්ශන දකිද්දී ඔයාලගෙත් ඇග හිරිවැටේවි.
මේ ක්‍රියාව අවසානයේ James පැවසුවේ ‘‘ මට දැන් නිලවශයෙන්ම මගේ ලිස්ට් එකේ අයිෆල් කුලුණ ඉදිරියෙන් ටික් එකක් දාන්න පුළුවන්‘‘ කියලයි

 

Climbing the Eiffel Tower | James Kingston: POV Adventures |

 

© 2015 srilife.lk