රිය අනතුරක CCTV දර්ශනයේ සටහන් වූ අත්භූත රුව. අන්තර්ජාලය කැළඹූ වීඩියෝව

තායිලන්තයේ මාර්ගයකදී සිදුවූ බිහිසුණු රිය අනතුරක් ඒ අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණා. මොටර් බයිසිකලයක් ට්‍රක් රථයක ගැටීම නිසා සිදුවූ මෙම අනතුරෙන් බයිසිකලය පැදවඋ කාන්තාව ඉතා දරුණු අනතුරකට ලක් වන අතර ඇය එම ස්ථානයේදීම මිය යනවා.  

නමුත් ඉන් තත්පර කීහිපයකට පසු එම CCTV දර්ශනයේ ඇස් අදහාගත නොහැකි දර්ශනයක් එක වරම මතුවෙනවා. මිය ගිය කාන්තාවගේ මළ සිරුර අසලින් මතුවන මිනිස් රූපයකට සමාන අදුරු සෙවනැල්ලක් තත්පර කිහිපයක් නැගී සිටින අතර එය චලනය වන අයුරුත් ඉතා පැහැදිලිව මෙහි සටහන් වී තිබෙනවා.

මෙම අත්භූත දර්ශනය ඇතුලත් වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරීමත් සමග වඩාත් කතා බහට ලක් වූ අතරම එම අදූරු සෙවනැල්ල මිය ගිය පුද්ගලයාගේ ආත්මය සිරුරෙන් නැගී සිටීමක් බව බොහෝ දෙනා අදහස් දැක්වූවා. මේ අතර තවත් සමහර දෙනෙක් මෙය ඉතා දක්ෂ වීඩියෝ ප්‍රයෝගයක් හෝ එසේත් නැත්නම් ආලෝකයක් වැටීම  නිසා ඇති වූ දර්ශනයක් බවටත් අදහස් දක්වා සිටියා.

 

จะจะวิญญาณโผล่

 

© 2015 srilife.lk