නාසා ආයතනය සැගවූ අභිරහස් යානා කීපයක දර්ශන අන්තර්ජාලයට පිට වෙයි

නාසා ආයතනය, අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට අභ්‍යාවකාශය වෙත යොමු කර  ඇති කැමරා වලින් ලැබෙන සජීවී දර්ශන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන්නන් ලෝකය පුරාම සිටිනවා. අභ්‍යාවකාශයේ සැඟවුණු රහස් සෙවීමට දැඩි උනන්දුවක් දක්වන මෙවැනි පුද්ගලයන් පැය ගණනක් එම දර්ශන වෙත නෙත් යොමා අභ්‍යාවකාශයේ අභිරහස් ගැන සොයමින් සිටිනවා.

මෙලෙස නාසා සජීවී දර්ශන ගැන උනන්දුවක් දක්වන Streetcap 1 නමින් පෙනී සිටින පුද්ගලයෙකුට, අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ එක් පැත්කින් ගමන් කරන දිදුලන පියාඹන වස්තුවක්  එකවරම දර්ශනය වී තිබෙනවා. පසුව කලින් දුටු පියාඹන වස්තුවට වඩා වැඩි දීප්තියක් සහිත තවත් ආකාශ වස්තු 4ක් සහ ඒවාට පසුපසින් ගමන් කල තරමක් දීප්තිය අඩු ආකාශ වස්තුවක් ද ඔහුට දර්ශනය වී තිබුණා.

එහෙත් ඉන් විනාඩි කීපයකට පසු නාසා ආයතනය එම සජීවී දර්ශන වෙනස් කර තිබූ අතර එම හඳුනානොගත් අකාශ වස්තු සහිත කොටස වෙනුවට වෙනත් කැමරාවක දර්ශන අතුලත් කර තිබෙනවා. ඉන්පසුව නාසා සජීවී දර්ශන ලබා දීමද නතර කර තිබෙනවා.

Streetcap 1 මේ පිළබඳව තම අදහස් දක්වමින් කියා තිබෙන්නේ ඔහු දුටු මෙම පියාඹන ආකාශ වස්තු ගමන් කල දුර සමඟ අනුමාන කර බලන විට ප්‍රමාණයෙන් තරමක් විශාල ඒ වා විය හැකි බවයි. මීටපෙර දර්ශනය වූ මෙවැනි අකාශ වස්තූන් අයිස් අංශු ලෙස නාසා ආයතනය හැඳින් වුවත් මෙවර දුටු අකාශ වස්තු එයට වඩා විශාල බව ඔහු තවදුරටත් පවසා සිටියා.

කෙසේවෙතත් මෙම දර්ශන ඉවත් කිරීමට පෙර ඒවා පටිගත කරගැනීමට ඔහු සමත් වී තිබූ අතර එම දර්ශන ඔහුගේ Streetcap 1 Youtube චැනලයට ඇතුලත් කර තිබුණා.

ඔහු ලබාගත් මෙම දර්ශන අභ්‍යාවකාශයේ සැරිසරන වෙනත් ජීවී කොටසකට අයත් පියාඹන වස්තූන් ද? නාසා ආයතනය මෙම දර්ශනය කොටස් ඉවත් කරමින් ඒවා ලොවෙන් වසන් කීරීමට උත්සහා කරන්නේ කුමන හේතුවක් නිසාද? අභ්‍යාවකාශයේ අභිරහස් පිළබඳ උනන්දුව දක්වන බෝහෝ දෙනෙකුට මෙය මහත් ගැටළුවක් වී තිබෙනවා.

Several UFOS pass International Space Station. Best in 1080p.

 

© 2015 srilife.lk