සෙල්ෆියක් වෙනුවෙන් ජීවිතය අවධානමේ දෑමූ සූරූපිනිය Submitted by Srilife on Fri, 02/17/2017 - 14:33 23 හැවිරිදි Viki Odintcova නම් රුසියානු නිරූපිකාව සිදුකල අඟලොමු දැහැගන්වන ක්රියාවක වීඩියෝ දර්ශන මේ දිනවල අන්තර්ජාලයේ වේගයෙන් පැතිරෙමින් තිබෙනවා. Instagram සමාජ වෙබ් අඩවිය තුල විශාල ජනප්රියත්වයක් හිමි මෙම නිරූපිකාවට මිලියන තුනකට අධික Instagram රසිකයින් පිරිසක් සිටින අතර මෙම ත්රාස්ය ජනක ක්රියාව ඇය සිදුකර ඇත්තේ Instagram වෙනුවෙන් ඡායාරූපයක් ලබා ගැනීම සඳහා බවයි වර්තා වෙන්නේ. ඩුබායි හි පිහිටි Cayan Tower නම් ගොඩනැගිලේ අඩි1004 ක් උස් ස්ථානයක සිට ඇයගේ සහයකයාගේ අතක් පමණක් අල්ලාගෙන ගොඩනැගිල්ලෙන් පහලට එල්ලී මෙම ත්රාස්යජනක ක්රියාව ඇය විසින් සිදුකර තිබුණා. කිසිදු ආරක්ෂිත උපාංගයක් භාවිතා නොකර තම ජීවිතය අවධානමේ හෙලා ත්රාස්යජනක ඡායාරූප කීපයක් ලබා ගැනීම පිළිබඳව සමාජ වෙබ් අඩවි ඔස්සේ පසුව ඇය මෙසේ පවසා තිබෙනවා... “මට තවමත් විශ්වාස කරන්න අමාරුයි මම ඒක කලා කියලා. මම මේ වීඩියෝ එක බලන හැම වෙලාවකම මගේ අත්ල දාඩියෙන් තෙත් වෙනවා.‘‘ Stunning Russian model slammed for death-defying photoshoot Video of Stunning Russian model slammed for death-defying photoshoot Weird ‹ Previous Next ›