තරගය මැදදී හතරමං හන්දි හම්බවෙන ලෝකයේ අමුතුම කාර් රේස් එක

කම්පියුටර් කාර් ගේම් එකක් වගේ පෙනුනට මේක ඇත්තම කාර් රේස් එකක් කියල කිව්වොත් ඔබ විශ්වාස කරන්න පුළුවන්ද?

මේ අමුතුම කාර් රේස් එක හදුන්වන්නේ World Figure-8 තරගාවලිය ලෙසයි. ඒ විදහට මෙය හදුන්වන්න හේතුව තමයි මේ තරගයේ ධාවන පථය අංක 8 හැඩයෙන් යුක්ත වීම. මෙහි තරග වදින මොටර් රථ 28 අංක 8 ඉලක්කම හැඩයට ගමන් කරන නිසා ධාවන පථය මැදදී එකිනෙක හමුවීම සිද්ධ වෙනවා. එලෙස හමුවන මොටර් රථ අතරින් ගොස් තරග වට සියල්ලම අවසන් කිරීම මේ තරගයේ දී හිමිවන අභියෝගයයි.

1977 වසරේ සිට සෑම වසරක් පසාම මේ තරගාවලිය පවත්වා තිබෙනවා. පහතින් තිබෙන්නේ 2015 වසරේ පැවැත්වු තරගයේ මුල් වටයේ වීඩියෝ දර්ශනයක්.

 

 

2015 World Figure-8 3 Hour Enduro Opening Laps

 

© 2015 srilife.lk