නොපෙනී පිටුපසින් එන රේසින් කාර් එකට උඩින් කරනමක් ගසන්න යන තරුණයා

Damien Walters ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක්, ඒවගේම හොලිවුඩ් විත්‍රපටවල බිහිසුණු දර්ශන වලට පෙනී සිටින කෙනෙක්. අතිශයින් ජනප්‍රිත්වයටපත් වූ Captain America, Skyfall සහ Assassin's Creed යන චිත්‍රපටවල බිහිසුණු දර්ශන සඳහා ඔහු පෙනී සිට තිබෙනවා. ඒ නිසාම අවදානම Damien හට එතරම් අරුමයක් නොවේ.

කලක සිටි ඔහුගේ සිතේ තිබුණු ඉතා අපහසු මෙන්ම අවදානම් සහිත ක්‍රියාවක් සිදුකරන්න ඔහු පසුගිය තීරණය කලා. ඇත්තෙන්ම එය ඔබ බලාපොරොත්තු නොවන තරම් අවදානම් සහිත ක්‍රයාවක්. ඔහු අනෙක් පසට හැරී සිටිය දී වේගයෙන් ඔහුගේ පිටුපසින් ඔහු වෙත Formula E රේසින් කාරයක් මතින් පිටුපසට කරනමක් ගැසීම ඔහු සිදුකිරීමට තීරණය කල ඒ අතිශය බිහිසුණු ක්‍රියාවයි. හැබැයි එක දශමයක හෝ අතපසු වීමක් සිදුවුනොත් ඔහුගේ ජීවිතය අනතුරට ලක් වීම අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි.  මේ බිහිසුණු කාර්යය සාර්ථකව කරන්න ඔහුට හැකි උනාද? වීඩියෝව බලන්න

Leap Of Faith: Damien Walters Backflip Over Speeding Formula E Car

 

© 2015 srilife.lk