ප්‍රතිවාදීන් අන්දමන්ද කල මොහොමඩ් අලීගේ අසාමාන්ය සටන් විලාශය

මේ සියවසේ පහළවු විශිෂ්ටම බොක්සිං ක්‍රීඩකයා ලෙස සැලකෙන මොහොමඩ් අලී ජූනි 03 වනදා මෙලොවින් සමුගත් පුවත ලොව පුරා ක්‍රිඩා ලෝලීන් සංවේගයට පත් කරන්නට සමත් වුණා. තුන් වතාවක් ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ හිමි කරගත් ඔහු ඔලිම්පික් රන් පදක්කමකට ද හිමිකම් කියනවා. තරඟ වාර්තා වලට අනුව ඔහු සහභාගී වු තරඟ 61න් තරඟ 56ක ජය අත්කර ගැනීමට ඔහුට හැකිවී තිබෙනවා. එයින් තරඟ 37ක දී ප්‍රතිවාදියා තරඟ මුල් වට කිහිපය තුල බිම හෙලන්න ඔහුට හැකිවුණා. Joe Frazier සමඟ පැවති තරඟය පරාජය විමට පෙර ඔහු සහභාගී වූ තරඟ 31ක දී නොකඩවා ජයග්‍රහණ ලබා ගැනීම ඔහුගේ විශිෂ්ටත්වය කියාපාන්නක්.

ඔහු සතුව තිබුණු අසාමාන්‍ය තරඟ විලාශය නිසා ප්‍රතිවාදීන්ට ‘මොමඩ් අලී‘ මෙල්ල කර ගැනීම ඉතාම අපහසු කාර්යයක් වුණා. ඉතා වේගවත් අයුරින් ප්‍රතිවාදියාගේ පහරෙන් බේරී ඔහුගේ හිස ඉවත් කරගනිමින් ප්‍රතිපහර එල්ල කිරීමේ  හැකියාව ඔහු සතුව තිබුණා. ඒ නිසාම ඔහුට defense master නම් අන්වර්ථනාමයෙන් හැඳින් වූවා. පහත වීඩියෝවෙන් ඔහුගේ එම අසාමාන්‍ය සටන් විලාශය ඔබට දැකගන්න පුළුවන්.

Muhammad Ali - Amazing Speed

 

© 2015 srilife.lk