මීටර් 200 තරගය අවසානයේ හුසේන් බෝල්ට්ට මුහුණ දීමට සිදු වු අබැද්දිය

මීටර් 200 තරගය අවසානයේ හුසේන් බෝල්ට්ට මුහුණ දීමට සිදු වු අබැද්දිය

බීජිංහි පැවති ලෝක ශූරතා මලළ ක්‍රීඩා තරගාවලියේ පැවති මීටර් 200 අවසන් තරගයෙන් හුසෙන් බෝල්ට් වසරේ වේගවත්ම කාලය වන තත්පර 19.55ක් වාර්තා කරමින් රන් පදක්කම හිමි කර ගැනීමට සමත් වුණා. තරගය අවසානයේදී ඔහු ප්‍රේක්ශකාගාරය අසලට යමින් සිටියදී පසුපසින් Segway ස්කූටරයකින් පැමිණි කැමරාකරුවෙක් හදිසියේම අසල තිබූ වැටේ වැදී ස්කූටරය පාලනය කර ගත නොහැකිව බෝල්ට් ගේ පාදයක වැදීම නිසා දෙදෙනාම බිම ඇද වැටුණා. එහෙත් මේ අනතුරෙන් බෝල්ට්ගේ මිල කල නොහැකි පාදයට අනතුරක් වී නැති බවත්, ඔහු මීලග තරගයට සූදනම් බවත් වාර්තා වෙනවා.  

 

Usain Bolt Knocked Over By Cameraman On Segway After Winning World Championship 200m Gold

© 2015 srilife.lk