ගෘහ නිර්මාණ ශිල්පයේ විශ්මය සමඟින් ඉදිවන අංශක 360ක් චලනය වන ගොඩනැගිල්ල

ඩුබායි නගරය ලෝකයේ උසම ගොඩනැගිල්ල ඇතුළු විශ්මිත  ගොඩනැගිලි නිර්මාණ රැසකටම උරුමකම් කියන නගරයක්.  සැම වීටම ලෝකයට අති නවීන ඉදිකිරීම් තාක්ෂණය හඳුන්වාදීමට කටයුතු කරන ඩුබායි නගරය, සිදුකිරීමට සැරසෙන තවත් විප්ලවීය ඉදිකිරීමක් පිළිබඳව තොරතුරු මේ දිනවල විදෙස් මාධ්‍ය තුල වාර්තාවෙනවා.

අංශක 360 වීඩියෝ තාක්ෂණය ලෝකයට මේවන විට අළුත් දෙයක් නොවුනත් අංශක 360ක කෝණයක් තුල චලනය වන ගොඩනැගිල්ලක් ඉදිකරනවා නම් ඇත්තෙන්ම එය විශ්මයක්. ඔබට විශ්වාස කිරීමට අපහසු වුනත් ඩුබායි නගරය ලෝකයම විශ්මයට පත් කිරීමට සැරසෙන ඔවුන්ගේ නවතම ඉදිකිරීම එයයි.

 2008  වසරේදී මෙම ඉදිකිරීම මුල්වරට යෝජනා වී ඇති අතර ඊශ්‍රයල් ජාතික David Fisher මෙහි ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරනවා. නිවාස සංකීර්ණයක් ලෙස නිමවන ගොඩනැගිල්ල මහල් 80කින් සමන්විත වන අතර එක් එක් මහල අංශක 360ක් තුල නිදහසේ චලනය වීම සිදුවනවා. මෙහි තවත් විශේෂත්වයක් නම් මෙම එක් එක් මහල  චලනය වන වේගය අඩු වැඩි කිරීමට හෝ නැවැත් වීමට හඬ විදානයක්  ලබාදීමෙන් හැකිවීමයි. මෙහි එක් නිවාසයක් සඳහා ඩොලර් මිලියන 30ක් පමණ වැය වෙතැයි ගණන් බලා තිබෙනවා.

2020 වන විට මෙහි ඉදිකිරීම් අවසන් වීමට නියමිතව ඇති අතර මෙම නිර්මාණය ලෝකයේ ගොඩනැගිලි නිර්මාණ තාක්ෂණයේ නව ඉදිරි පිම්මක් වනු නියතයි.

The World's First Rotating Skyscraper | NextWorld

 

© 2015 srilife.lk