ඔයාගෙ පූසාට කතාකරන්න ඤාව් භාෂාව මෙන්න

ඔයාගෙ පූසාට කතාකරන්න ඤාව් භාෂාව මෙන්න

පූසා ඤාව් භාෂාවෙන් කියන දේ පරිවර්තනය කරන අපූරු ඇප් එකක් Meow Talk 

ඇමසොන් සමාගමේ හිටපු ඉන්ජිනේරුවරයෙක් පූසන් ඤව් හඩින් කියන දේවල් පරිවර්තනය කරන්න පුළුවන් ඇප් එකක් නිර්මාණය කරන්න සමත් වෙලා තියනවා..

Meow Talk නැමති එම ඇප් එක මගින් පූසන්ගේ හඬ පටිගත කරගෙන එම ශබ්දය හරහා පූසා කියනදේ හඳුනා ගැනීමක් සිදුකරයි.

මේ සඳහා artificial intelligence සහ machine-learning තාක්ෂණයන් භාවිතා කරන බව මෙය නිපදවූ ඉන්ජිනේරුවන් පවසයි. 
 

මේ වන විට මෙම ඇප් එක මගින් හදුනාගත හැක්කේ ඤාව් හඩින් පවසන වාක්‍ය කණ්ඩ 13ක් පමණයි. “මට කන්න දෙන්න”, “මට බඩගිනියි” සහ “මට තනියම ඉන්න දෙන්න” වැනි වාක්‍යඛණ්ඩ ඒ අතර වේ.
මේ පිළිබඳව පර්යේෂණවල නිරතවූවන් පවසන්නේ, සෑම පූසෙකුට ම ආවේණික වෙනස් හඬක් ඇති බවය.
මේ හේතුවෙන් පූසන් වෙනස් වන විට මෙම ඇප් එක හරහා සිදුවන පරිවර්තන වෙනස් විය හැකි බව ද පර්යේෂකයෝ පවසති.

 

Related articles

© 2015 srilife.lk