Submitted by Srilife on Sat, 08/29/2015 - 09:08
නරක ගිරවෙකුට වෙච්ච ඇත්තම කථාවක් තමයි මේක. මේ ගිරවගෙ නරක වැඩ නිසා පොලිසියට මෙයාව අත්තඩංගුවට ගන්න සිද්ධවෙලා.

මෙයාගෙ නම Hariyal හොදට කතා කරන්න පුළුවන් ගිරවෙක්. ඉන්දියාවේ ජීවත් වෙන මේ ගිරවගේ අයිතිකාරයා තමයි Suresh Sakharkar කියන්නේ. ඒත් මේ ගිරවට සුරේෂ් කියල දීල තියෙන්නෙ නම් හොද දේවල් නෙමෙයි. සුරේෂ් මේ ගිරවට නරක වචන කියලා දීලා තියෙනවා එයාගේ කුඩම්මට බනින්න කියලා. Hariyal ගිරවත් මේවා හොදට ඉගෙනගෙන වයසක ආච්චි අම්මට හොදටම බැනලා. ටික කාලයක් නෙවී අවුරුදු 2ක් තිස්සේ බැනලා.

මේක ඉවසගන්න බැරි වුණ Janabai කියන මේ ආච්චි අම්මා තුන් වතාවක් පොලිසියට පැමිණිලි කරලා. අන්තිමට පොලිසියෙන් ඇවිත් මේ ගිරවයි එයාගේ අයිතකරුයි දෙන්නම අත්තඩංගුවට අරන්.

පොලිසියෙන් පරීක්ෂණ කරලා බලුවම මේ කතාව ඇත්ත කියලා තේරුම් අරන්. ඒත් ගිරවුන්ට දෙන්න දඩුවමක් නීති පොතේ නැති නිසා පොලිසිය මෙයාව ප්රාන්ත වනජීවි දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙනවා.
Related articles
5 years 4 months ago
362 reads
6 years 10 months ago
431 reads
3 weeks 1 day ago
16 reads
6 years 4 months ago
294 reads
6 years 5 months ago
816 reads
6 years 10 months ago
703 reads