උඩරට මනාලියක් වීමට සිහින දකින ඔබ, නිවැරදි ආභරණ තොරාගන්නේ කොහොමද?

උඩරට මනාලියක් වීමට සිහින දකින ඔබ, නිවැරදි ආභරණ තොරාගන්නේ කොහොමද?

අපේ රටේ මනාලියන් බෝහෝ දෙනෙක් තම මංගල ඇඳුම ලෙස තෝරා ගන්නේ උඩරට සාම්ප්‍රදායික ඇඳුම් කට්ටලයයි. Kandyan dress ලෙස හඳුන්වන්නේ මේ උඩරට මංගල විලාසිතාවයි. බොහෝ විට මනාලයා බටහිර මෝස්තර තෝරාගත්තත්, මනාලිය උඩරට ක්‍රමයට සැරසෙන්නේ එහි තිබෙන අලංකාරය නිසාමයි. මේ සුන්දරත්වය නිසාම අපේ රටේ මනාලියන්ගෙන් 90%ක්ම තම මංගල දිනයේදී සැරසෙන්නේ  Kandyan dress එකෙන් කිව්වොත් නිවැරදියි.

මේ උඩරට ඇඳුම ඉතාමත් අලංකාර වන්නේ එම ඇඳුමටම ආවේනික වූ මාල 7 නම් ආභරණ කට්ටලය නිසයි. පොදුවේ මෙය මාල 7 ලෙස හැඳින්වුවත් මෙය ප්‍රධාන ආභරණ වර්ග 15කින්  සමන්විතයි. බොහෝ විට නොදැනුවත් කම නිසා මෙම සියළුම ආභරණ නොපැලදීමෙන් මනාලියගේ සුන්දරත්වය අඩු වනවා පමණක් නොව ඉපැරණි විශ්වාස වලට අනුව එය නුසුදුසු දෙයක් බවට විශ්වාසයක්ද තිබෙනවා.

පහතින් දක්වා ඇත්තේ සම්පූර්ණ උඩරට ආභරණ කට්ටලයයි.

1. පදක්කම් 05


2. පෙති මාල 01


3. අගස්ති මාල 01


4. මෙරලු ගෙඩි මාල 01


5. මුතු මාල 01


6. නලල් පටි 01


7. කර පටි 01


8. සෙරි වළලු 02


9. ඉර හඳ 02


10. ඉන හවඩි 01


11. සාරි කටු 01


12. කොණ්ඩා මල් 01


13. අත් මුදු 05


14. ගෙඩි වළලු 03


15. ජිම්කි 01


මහනුවර දිස්ත්‍රික්කයේ දව්ලගල, පිළිමතලාව ප්‍රදේශය ඈත අතීතයේ සිටම සාම්ප්‍රදායික උඩරට ආභරණ නිපදවන සාම්ප්‍රදායික නිර්මාණ කරුවන් සිටින ප්‍රදේශයක්. මේ වනවිට නවීන තක්ෂණයද මුසු කරගනිමින් ඔවුන් ඉතාමත් අලංකාර සහ සාම්ප්‍රදානුකූල උඩරට ආභරණ කට්ටල නිපදවනවා.

ඔවුන්ගේ නිර්මාණ වල ආභරණ කට්ටල වර්ග ප්‍රධාන වශයෙන් 4ක් හඳුනාගන්න පුළුවන්.

1. රන් ආලේපිත ආභරණ කට්ටල

2. ඩල් ගොල්ඩ් ආභරණ කට්ටල (Dull Gold)

3. රිදී ආලේපිත ආභරණ කට්ටල

4. තඹ ආලේපිත ආභරණ කට්ටල

පිත්තල හෝ තඹ ලෝහයෙන් නිපදවා රන්, රිදී ආලේප කරීමෙන් තමයි මේ ආභරණ නිපදවන්නේ. ආභරණ නිපදවන ප්‍රධාන ක්‍රම 2ක් තියෙනවා.

1. තහඩු වලින් ආභරණ නිර්මාණය කර එය මත ගල් අල්ලා අලංකාර කරගන්නා ක්‍රමය සහ

2. අච්චු වල වත්කර නිර්මාණය කර එහි ගල් අල්ලා අලංකාර ගරගන්නා ක්‍රමය ඒ ප්‍රධාන ක්‍රම 2යි. මෙහි 2 වන ක්‍රමයට නිර්මාණය කරන ආභරණ අලංකාරය සහ තත්වයෙන් ඉතාමත් උසස් ආභරණ වෙනවා. මේ නිසාම ඒවා තහඩු වලින් නිර්මාණය කරන ආභරණ වලට වඩා මිලෙන් ටිකක් වැඩියි. මේ ක්‍රමය කාස්ටින් ක්‍රමය ලෙසත් හඳුන්වනවා.

පිත්තල හෝ තඹ ලෝහයෙන් නිර්මාණය කරන මෙම ආභරණ කල්පවතින ලෙස වර්ණය වෙනස් නොවී තබා ගැනීමට නම් මෙහි රන් රිදි ආලේප කිරීමට පෙර මුලින්ම තඔ ආලේපයද දෙවනුව රිදී ආලේපයද සිදු කරනවා. වෙළඳපොලේ පවතින හොඳම ආභරණ වන්නේ මේ විදියට නිර්මාණය කරන ආභරණයි.

නවීන තාක්ෂණයට අනුව Electro bath ක්‍රමයට මෙම ආලේපනය සිදු කිරීමෙන් උසස් තත්වය සහ කල්පැවත්ම ඉතාමත් වැඩියි. මෙම Electro bath ක්‍රමය උසස් තත්වයේ නිර්මාණ කරුවන් අතලොස්සක් පමණක් සිදු කරන්නක්. මෙම ක්‍රමය නිසා කල් පැවැත්ම වැඩි වන අතරම අවපැහැ ගැන්වූ ආභරණ නැවත වර්ණ ගැන්වීමත් ඉතාමත් පහසු වෙනවා.

පළිමතළාව නුවන් බ්‍රාස්වෙයාර් ආයතනය මේ විදියට උපරිම තාක්ෂණය යොදාගෙන සාම්ප්‍රදායික උඩරට ආභරණ කට්ටල නිර්මාණය කරන ආයතනයක්. මෙහි ඇති ඡායාරූප වලින් දැක්වෙන්නේ ඔවුන් විසින් කාස්ටින් ක්‍රමයට නිර්මාණය කර Electro bath ක්‍රමයෙන් වර්ණ ගැන්වූ ආභරණ කට්ටලයක්. නුවන් බ්‍රාස්වෙයාර් වෙතින් ඔබ මේ ආභරණ ලබා ගත් විටආභරණ අළුත්වැඩියාව හැම විටම නොමිලේ සිදුකරගන්න පුළුවන්.

ඔබට මෙම ආභරණ කට්ටලයක් මිලදී ගැනීමේ අදහසක් තිබෙනවා නම් පහත දුරකථන අංකය අමතන්න. ඔබ srilife සඟරාවේ රසිකයෙක් නම් ඔවුන් ඔබට ආභරණ කට්ටලයක් මිලදී ගත්විට වටිනා මාලයක් නොමිලේ ලබා දේවි. විශේෂය වන්නේ ඒ මාලය ඔවුන් විසින් තෝරා දෙන එකක් නොව ඔබටම තෝරාගත හැකි වීමයි.

නුවන් බ්‍රාස්වෙයාර් - 0771725200

Related articles

© 2015 srilife.lk