Thirani Peiris Academy - Award Ceremony And Bridal Show 2019

Thirani Peiris Academy සම්මාන උළෙල හා මානාලියන් දැක්ම 2019

 

‘‘ජාතියේ රූපලාවන්‍ය තක්සලාව‘‘  ලෙස වසර 27ක් පුරා රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අතිවිශිෂ්ටයන් බිහිකල Thirani Peiris International Academy  of Beauty ආයතනය අද වන විට ලංකාවේ ප්‍රමුඛතම රූපලාවන්‍ය තක්සලාව බවට පත්ව හමාරයි. ප්‍රවීණ රූපලාවන්‍යවේදිනී තිරාණී පීරිස් මහත්මිය විසින් මෙහෙයවන මෙම රූපලාවන්‍ය තක්සලාව, ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරෝත්තු වන ආධුනිකයන් ඉතා විශ්වාසයෙන් තෝරා ගන්නා ආයතනයයි.

 

 

නුගේගොඩ, දෙහිවල, මීගමුව, ගම්පහ, මාතර හා කුරුණෑගල ඇතුළු දිවයිනේ ප්‍රමුඛතම නගර පුරා තම ශාඛා ජාලය ව්‍යාප්ත කරමින් රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අතිදක්ෂ වෘත්තිකයන් බිහිකල තීරාණි පීරිස් රූපලාවන්‍ය තක්සලාව ඔවුන්ගේ අද්විතීය ගමන්මගේ 27 වන සංවත්සරය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

 

එම සංවත්සරය වෙනුවෙන්, දිවයින පුරා විසිරුණු ආයතනයේ ශාඛා ජාලයෙන් රූපලාවන්‍ය ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිමා කල ශිෂ්‍යාවන් ශ්‍රී ලාංකේය රූපලාවන්‍ය ක්ෂේත්‍රයට හදුන්වා දෙමින්, ඩිප්ලෝමා සහතිකවලින්  සහ සම්මානයෙන් පිදුම් ලැබීමට සූදානමින් සිටී.

 

කොළඹ BMICH හිදී (ප්‍රධාන ශාලාවේ) 2019 පෙබරවාරි 16 වෙනිදා ප.ව 12.30ට එම උත්කර්ෂවත් සම්මාන උළෙල පැවැත්වීමට ආයතනය කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති අතර එදින ආයතනයේ පුහුණුව ලැබූ ශිෂ්‍යාවන් විසින් විවිධ විලාසිතාවෙන් හැඩගැන්වූ මනාලියන් දැක්මක් ද පැවැත්වීමට නියමිතයි.

 

මේ උත්කර්ෂවත් සම්මාන උලෙළ සදහා ජනප්‍රිය නළු නිළියන් ප්‍රවීණ ගායක ගායිකාවන් ඇතුළු විවිධ කලාකරුවන් 40 දෙනෙකු, ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වේ. ප්‍රවීන ගායක ගායිකාවන්ගේ සංගීතයෙන් ද චන්න විජේවර්ධන නර්තන කණ්ඩායමේ නර්තනාංගයන්ගෙන් විචිත්‍රවත් වන උළෙල, ප්‍රවීණ නිවේදන ශිල්පීන් වන ඉදුනිල් දිසානායනක හා චන්දන තිලකරත්න  විසින් මෙහෙයවයි.

රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙකු වීමට සිහින දකින ඔබටත් එළඹෙන පොබරවාරි 16 වන දා පැවැත්වෙන උත්කර්ෂවත් සම්මාන උළෙලට සහභාගී විය හැකි අතර රූපලාවන්‍ය ක්ෂේත්‍රෙය් විශිෂ්ටයෙකු වීමට  දිවයිනේ ඇති අංක 01 පුහුණු ආයතනය Thirani peiris International academy of beauty ආයතනය තේරා ගත යුත්තේ ඇයි ද යන්න එහිදී වඩා හොදින් පැහැදිලි කර ගත හැකිවනු ඇත.

0777 27 79 72

Thirani peiris International academy of beauty

Dehiwala

 

Related articles

© 2015 srilife.lk