Submitted by Srilife on Tue, 04/05/2016 - 16:34
Kurt Cobain යනු ඇමරිකානු Grunge සංගීත ශෛලියේ පුරෝගාමියෙකි. ලෝක ප්‍රකට Nirvana සංගීත කණ්ඩායම බිහි කරමින් එහි ගිටාර් වාදකයෙක් හා ගායකයා ලෙසින් කටයුතු කළ ඔහු උපත ලබන්නේ 1967 වසරේ පෙබරවාරි 20 දින වොෂින්ටන් නුවර ඇබර්ඩීන් හිදීය.

Krist Novoselic සමග 1987 වසරේ Nirvana සංගීත කණ්ඩායම ආරම්භ කරන Kurt Cobain සංගීත ඇල්බම 4ක් නිර්මාණය කරන ලදි.
1989 - BLEACH
1991 - NEVERMIND
1992 - INCESTICIDE
1993 - IN UTERO

ඒ අතර මෙතෙක් ලොව බිහිවූ හොදම ගීත අතර 9වන ස්ථානයේ පසුවන Smells Like Teen Spirit ගීතය Nirvana සංගීත කණ්ඩායමේ ජනප්‍රියත්වයට විශේෂ වශයෙන් දායක විය. එම ගීතය ඇතුලත් NEVERMIND ගීත ඇල්බමයේ පිටපත් මිලියන 30ක් ලොව පුරා අලවි වුණා.

ඔහුගේ මරණයට පෙර කාල වකවානුවේ අධික ලෙස හෙරොයින් භාවිතයට හුරුවී සිටි ඔහු 1994 වසරේ මිය යන විට වයස අවුරුදු 27කි. එම වසරේ අප්‍රේල් 5 වන දින ඔහුට අයත් නිවසක තනිවම වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන සිටි ඔහුගේ මළ සිරුර සොයාගන්නා ලද්දේ අප්‍රේල් 8 වන දිනයි. මිය යන විට Courtney Love සමග විවාාහ වී සිටි ඔහු එක් දරු පියෙක් විය. ඔහු මෙලොවට දායාද කළ විශිෂ්ටතම නිර්මාණය වූ Smells Like Teen Spirit ගීතය සංගීත ඉතිහාසයේ විප්ලවීය නිර්මාණයකි.
Related articles
6 years 7 months ago
918 reads
6 years 10 months ago
1,418 reads
6 years 4 months ago
10,294 reads
6 years 7 months ago
1,525 reads
6 years 1 month ago
288 reads
5 years 4 months ago
831 reads