තම කණ්ඩායම මේ දිනවල Dislike Button එකක් Facebook වෙබ් අඩවියට ඇතුලත් කිරීමට කටයුතු කරමින් සිටින බව Facebook ප්‍රධානී මාක් සකබර්ග් විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේය. "ඔවුන්ට අවශ්‍ය ඒ මොහොතේ ඔවුන්ට දැනෙන සැබෑ හැගීම ප්‍රකාශ කරන්න. හැම මොහොතක්ම සුන්දර නොවේ"
මෙතෙක් කල් like Button එකක් පමණක් තිබූ නිසා මෙම නව හදුන්වාදීමෙන් විශාල වෙනසක් facebook තුල සිදුවිය හැක. මාක් සකබර්ග් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ මෙතෙක් අවුරුදු ගනනක් මෙම වෙනස සිදුකිරීමට කාලය ගත වූයේ Facebook මුල් අවදියේදී Like Button සමගම Dislike Button එකක් හදුන්වා දුන්නේ නම් එය තවත් Forum මාදිලියේ වෙබ් අඩවියක් ලෙස ප්‍රචලිත වීමට ඉඩ ඇති වූ නිසාවෙනි. නමුත් දැන් ලොව අංක එකේ වෙබ් අඩවිය ලෙස භාවිතා වන මෙය භාවිතා කරන්නන් සමාජ ජාල ක්‍රමයට හුරු වී ඇති නිසා වෙබ් අඩවියේ ප්‍රතිරූපයට හානියක් සිදුනොවිය හැකි යනුවෙන්ද පැවසීය. නමුත් ඔවුන් තවමත් අධ්‍යයනය කරමින් සිටිනුයේ මෙවැනි සෘනාත්මක ප්‍රතිචාර සදහා මුහුණ දීමට භාවිතා කරන්නන් සූදානම්ද යන්නයි. මන්ද මෙමගින් Facebook පරිශිලකයන්ගේ මානසිකත්වයට දැඩි බලපෑමක් එල්ල විය හැකිය.