Submitted by Srilife on Mon, 10/05/2015 - 11:08
අපි වැඩියෙන්ම භාවිතා කරන සමාජ ජාල වෙබ් අඩවිය තමයි Facebook. හැම කෙනෙකුටම Facebook ගිණුමක් තියනවනේ. Facebook සමාගමෙන් ලගදිම අපිට අළුත් වෙනසක් ලබා දෙන්නයි හදන්නේ. අපේ profile picture එකට තත්පර 7ක් පොඩි වීඩියෝ එකක් දාන්න පුළුවන් පහසුකම ලබා දෙනවා කියලා පසුගිය බදාදා ඔවුන් නිවේදනයක් නිකුත් කළා. මේ අළුත් අත්දැකීම ඔවුන් එංගලන්තයේ සහ කැලිෆෝනියාවේ කිහිප දෙනෙකුට දැනටමත් ලබා දීල තියෙනවා අත් හදා බැලීමක් විදියට.

මේ වෙනසට අමතරව කෙටි කාලයකට සදහා ඔබ profile picture එක වෙනස් කල යුතු අවස්ථාවන් වල නැවත් සාමාන්‍ය profile picture එකට ඉබේම මාරු වීම සදහා timer එකක්. ඔබගේ profile එකේ මුලින්ම ඔබ ගැන පෙන්විය යුතු වැදගත් තොරතුරු (පාසල, ඔබ ගැන විස්තර කරන කෙටි වාක්‍යයක්) දැක්වීමට profile එකේ ඉහල වෙනම කොටසක්.

මසකට බිලියන 1.3ක් පමණ භාවිතා කරන Facebook's mobile versions වල profile picture එක මැදින් පිහිටන පරිදි සකස් කරීම ඇතුලු තවත් විශාල වෙනස් කම් ගණනක් ඉදිරියේදී ඔබට අත් විදින්න හැකි බවයි Facebook මාධ්‍ය ප්‍රකාශිකාව පවසා තිබෙන්නේ. ඔයාලත් මේ අළුත් වෙනස් කම් වලට දැන්ම profile picture වීඩියෝ එකක් එහෙම හදාගෙන දැන්ම ලෑස්තිවෙන්න.
Related articles
6 years 7 months ago
918 reads
6 years 10 months ago
1,418 reads
6 years 4 months ago
10,294 reads
6 years 7 months ago
1,525 reads
6 years 1 month ago
288 reads
5 years 4 months ago
831 reads