Submitted by Srilife on Wed, 08/12/2015 - 16:43
Facebook වෙබ් අඩවි අසුරෙන් පසුගිය දිනක අපූරු සමීක්ෂණයක් සිදුකර තිබෙනවා. ඒ අන්තර්ජාලෙය් දී සිනාව ඇගවීම සදහා වැඩි පුරම භාවිතා වන වචනය මොක්ද කියලා හොයල බලන එක. පොඩ්ඩක් මතක් කරලා බලන්න ඔයා chat කරන කොට සීනාව අගවන්න වැඩිපුරම භාවිතා කරන වචනය මොකද්ද කියලා. ඔයා වැඩිපුරම භාවිතා කරන්නේ "haha" කියල නම් ඔවුන් කරපු සමීක්ෂණය හරි. මෙකද ඔවුන්ගේ සමීක්ෂණයෙනුත් හෙලිවුණේ ලෝකයේ මේවන විට අන්තර්ජාලයේ සීනාසීමට වැඩිපුරම භාවිතා කරන්නේ "haha" කියන වචනයලු. ඒක ප්‍රතිශතයක් විදහට ගත්තොත් 51.4%ක්.
මීට අමතරව අන්තර්ජාලයේ සීනාසීම සදහා වැඩිපුරම භාවිතා වන අනෙක් වචන ලෙස emoji 33% ක් සහ 'hehe' 15%ක් භාවිතා කරන බව සොයාගෙන තිබෙනවා. ලංකාවේ අය අතර නම් emoji එතරම් භවිතා නෙවුණත් 'hehe' නම් බහුලව භාවිතා වෙනවා.

කොහෙම වුනත් පහුගිය කාලයේ වැඩියෙන්ම අප අතර භාවිතා වු 'lol' කියන වචනය භාවිතයෙන් ටිකෙන් ටික ඉවත්වන බවයි ඔවුන් සොයා ගත්තේ. එම වචනය දැනට භාවිතා කරන්නේ 2% විතර සුළු පිරිසක් පමණයි.
මේ සමීක්ෂණට අන්ව 'Haha' සහ 'hehe' වචන වැඩිපුර පාවිච්චි කරන්නේ පිරිමි අයයි. කාන්තාවන් වැඩිපුරම සිනාවෙන්නේ emoji වචනය භාවිතයෙනුයි. වයස 20 අඩු අය emoji කියන වචනය වැඩිපුර භාවිතා කරන බවත් වයස 20ට වැඩි අය lol වචනය වැඩිපුර භාවිතා කරන බවත් සමීක්ෂණයෙන් තවදුරටත් හෙලිවී තිබෙනවා.

Related articles
6 years 7 months ago
918 reads
6 years 10 months ago
1,418 reads
6 years 4 months ago
10,294 reads
6 years 7 months ago
1,525 reads
6 years 1 month ago
288 reads
5 years 4 months ago
831 reads