වසර 26ක් පුරා ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය ක්ෂේත්රයට අතිවිශිෂ්ටයන් බිහිකල Thirani Peiris International Academy of Beauty ආයතනය ‘‘ජාතියේ රූපලාවන්‍ය තක්සලාව‘‘ ලෙස බොහෝ දෙනා අතර ප්‍රචලිතව ඇත. ප්‍රවීණ රූපලාවන්යවේදිනී තිරාණී පීරිස් මහත්මිය විසින් මෙහෙයවන මෙම රූපලාවන්‍ය තක්සලාව, ක්ෂේත්රයට පිවිසීමට බලාපොරෝත්තු වන ආධුනිකයන් ඉතා විශ්වාසයෙන් තෝරා ගන්නා ආයතනයක් ලෙස පත් වී හමාරය.
නුගේගොඩ, දෙහිවල, මීගමුව, ගම්පහ, මාතර හා කුරුණෑගල ඇතුළු දිවයිනේ ප්‍රමුඛතම නගර පුරා තම ශාඛා ජාලය ව්‍යාප්ත කරමින් රූපලාවන්‍ය ක්ෂේත්රයට අතිදක්ෂ වෘත්තිකයන් බිහිකල තීරාණි පීරිස් රූපලාවන්‍ය තක්සලාව ඔවුන්ගේ අද්විතීය ගමන්මගේ 26 වන සංවත්සරය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
එම සංවත්සරය වෙනුවෙන්, දිවයින පුරා විසිරුණු ආයතනයේ ශාඛා ජාලයන්ගේන් රූපලාවන්‍ය ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිමා කල ශිෂ්‍යාවන් ශ්‍රී ලාංකේය රූපලාවන්‍ය ක්ෂේත්රයට හදුන්වා දෙමින්, ඩිප්ලෝමා සහතිකවලින් සහ සම්මානයෙන් පිදුම් ලැබීමට සූදානමින් සිටී.
කොළඹ BMICH හිදී මෙම මස 24 වෙනිදා ප.ව 12.30ට එම උත්කර්ෂවත් සම්මාන උළෙල පැවැත්වීමට ආයතනය කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති අතර එදින ආයතනයේ පුහුණුව ලැබූ ශිෂ්‍යාවන් විසින් විවිධ විලාසිතාවෙන් හැඩගැන්වූ මනාලියන් දැක්මක් සිදු කිරීමට නියමිතයි.
මේ උත්කර්ෂවත් සම්මාන උලෙළ සදහා ජනප්‍රිය නළු නිළියන් ප්‍රවීණ ගායක ගායිකාවන් ඇතුළු විවිධ කලාකරුවන් 40 දෙනෙකු, ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වීමට නියමිතයි. ප්‍රවීන ගායක ගායිකාවන්ගේ සංගීතයෙන් ද චන්න විජේවර්ධන නර්තන කණ්ඩායමේ නර්තනාංගයන්ගෙන් ද මෙම උත්සවය විචිත්‍රවත් වේ.
රූපලාවන්‍ය ක්ෂේත්රයේ විශිෂ්ටයෙකු වීමට සිහින දකින ඔබටත් එළඹෙන 24 වන දා පැවැත්වෙන උත්කර්ෂවත් සම්මාන උළෙලට සහභාගී විය හැකි අතර රූපලාවන්‍ය ක්ෂේත්‍රෙය් විශිෂ්ටයෙකු වීමට දිවයිනේ ඇති අංක 01 පුහුණු ආයතනය Thirani peiris International academy of beauty ආයතනය තේරා ගත යුත්තේ ඇයි ද යන්න එහිදී වඩා හොදින් පැහැදිලි කර ගත හැකිවනු ඇත.
0777277972 / 0773636136 / 0112812141 / 0112738693 / 0312224792