ඇල්කොහොල් ගැන බොන්න කලින් කියවන්න

ඇල්කොහොල් ගැන බොන්න කලින් කියවන්න

 

01. ඇල්කොහොල් භාවිතය හේතුවෙන් තප්පර 10කට එක් පුද්ගලයෙක් මෙලොවින් සමුගනී.


02. මොළයේ ‍සෛල ඇල්කොහොල් සඳහා ප‍්‍රතිචාර දැක්වීමට මිනිත්තු 6ක් ගතවේ.


03. ඇල්කොහොල් ජීරණය කර නොගන්නා අතර ඒවා ක්‍ෂණිකව රුධිරයට අවශෝෂනය වීම සිදු වේ.


04. වයස 15ට වැඩි ලෝක ජනගහනයෙන් 48%ක් ඇල්කොහොල් භාවිතයෙන් තොර බවට සමීක්ෂණයකින් හෙළි වී ඇත.


05. අධික මත්පැන් පානයෙන් පසු අමතක වීම සිදු නොවන අතර එවිට සිදුවන්නේ මොළයේ මතකයන් තැන්පත් කරන ක‍්‍රියාවලිය අඩාල වීමයි.


06. සෑම රුසියානු ජාතිකයෙක්ම සාමාන්‍ය වසරකට ඇල්කොහොල් ලීටර් 18ක් පානය කරන බව සමීක්ෂණයකින් හෙළි වී ඇත. එමෙන්ම නිල් වර්ණිත ඇස් ඇති පුද්ගලයන් වැඩි වෂයෙන් ඇල්කොහොල් සඳහා යොමු වන බවත් සඳහන් වේ.


07. 30% පිළිකා ආහ‍්‍රිත රෝග වලින් ආරක්ෂා වීම සඳහා ඇල්කොහොල් සහ දුම්කොල නිෂ්පාදනයන්ගෙන් ඈත් වී සමබර ආහාර වේලක් සහ ශාරීරීක ක‍්‍රියාකාරකම් වල නියැලීමෙන් හැකි වේ.


08. 2013 වනතෙක්ම රුසියාවේ බියර් ඇල්කොහොල් පවුලේ බීමක් ලෙස පිළිනොගන්නා ලදි.


09. ලොව සැර වැඩිම බියර් වර්ගයේ අඩංගු ඇල්කොහොල් ප‍්‍රතිශතය 67.5%කි.


10. බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 5න් ඉහළ අය ඇල්කොහොල් භාවිතය නීති වීරෝධි නොවේ.


11. මධ්‍යතන යුගයේ යුරෝපීය රටවල ජලය තරම්ම බියර්ද පානය කළ බවට සාක්‍ෂි හමුවී ඇත.


12. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ඇල්කොහොල් පානය කිරීමට නෛතික හිමිකමක් ඇත්තේ චාන්සලර්වරයාට වන අතර ඒ එරට අයවැය වාර්තාව ප‍්‍රකාශ කරන අවස්ථාවේදී පමණි


13. රොක් සංගීතයේ නියැලෙන අයගේ මරණ වලින් 31% සිදු වන්නේ ඇල්කොහොල් හා මත්ද‍්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙනි.


14. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා විසින් සිය සොල්දාදුවන් අතර වරක් ඇලකොහොල් පානය කිරීමේ තරගාවලියක් පැවැත්වූ අතර එයට සහභාගී වූවන්ගෙන් 42ක් මියගිය බව ඉතිහාසයේ සඳහන් වේ.


 

Related articles

© 2015 srilife.lk