Submitted by Srilife on Sun, 03/06/2016 - 10:39
මිදි සියලු පළතුරු අතර විශිෂ්ටයා යැයි ඉන්දියාවේ ලියැවුණු චරක නම් ආයුර්වේද ග්‍රන්ථයේ සදහන්ව ඇත. සෞම්‍ය දේශගුණය සහිත යුරෝපා රටවල උපත ලද මිදි ශ්‍රී ලාංකිකයන් හදුන්වන්නේ පොහොසතුන්ගේ පළතුරක් ලෙසය. ප්‍රංශය, ඉතාලිය, ඇමරිකාවේ කැලිෆෝනියාව ආදී ප්‍රදේශවල හොදින් වැඩෙන මිදි කොළ, දම් සහ කළු වර්ණ ගනී. විවිධ හැර සහ ප්‍රමාණ වලින් යුක්ත මිදි කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වාද ඇට රහිත තත්වයේ සිට ඇට ඇති තත්වය දක්වාද විවිධ වේ
.
මිදි ඉතා වටිනා ඖෂධීය ගුණැති පළතුරකි. සමේ රෝග, උගුර ආශ්රිත රෝග ආදියට ගුණදායකය. මිහිරි රසයකින් යුක්ත නිසා ආහාර පිළිබද රුචිය ඇති කරයි. ඉදුනු මිදිවල මූත්‍රා කාරක ගුණය අඩංගු අතර සිහිල්ය. වාජීකරණ ගුණයෙන්ද යුක්තය. තෙල් සහිත් මිදි පිපාසය, උදරයේ දැවිල්ල, උණ, ක්ෂයරෝගය, සෙංගමාලය, ඇදුම, වමනය, අක්‍රමවත් ඔසප් වීම, ශරීර තරබාරුව සහ කතා කිරීමේ අපහසුතාවය වැනි රෝග තත්වයන්ට ගුණ ලබාදෙයි. ආමාශයේ අම්ල තත්වය අඩුකොට ආහාර ජීර්ණය පහසු කරයි. ආයුර්වේද ග්‍රන්ථවල සදහන් පරිදි මිදිවල අඩංගු වාජීකරණ ගුණය වයස්ගතවීම වළක්වා තරුණ බව රැක දෙයි.
අමු මිදිවල අම්ල ගතිය වැඩිය. සීනි මට්ටම අඩුය. එහෙත් ඉදෙන විට ග්ලූකෝස් ලෙසින් පවතින සීනි මට්ටම ඉහළ නගියි. 30%ක පමණ අගයක් ගන්නා මෙම සීනි ඉතාම ඉක්මනින් සිරුරට උරා ගන්නා නිසා දුර්වල රෝගීන්ට ඉතා ගුණදායක වනවා මෙන්ම ශක්තියද ලබා දෙයි.
මිදිවල අඩංගු යකඩ නීරක්තිය හෙවත් ලේ හිග බවට සහනය ලබා දෙයි. මිදි යුෂ මිලි ලීටර් 300ක් පානය කිරීමෙන් රක්තහීනතාවය පාලනය වන බැව් පර්යේෂණවලින් සනාථව ඇත.

මිදිවල අඩංගු මැලික්, සිට්රික්, ටාටරික් ආදී අම්ල මගින් රුධිරය පිරිසිදු වන අතර අන්ත්රසහ වකුගඩු ක්‍රියාකාරීත්වය උත්තේජනය වෙයි. මූත්‍රා දැවිල්ල තත්වයට මෙන්ම වේදනාකාරී ඔසප් වීම, අක්‍රමවත් ලෙසින් ඔසප්වීමේදී රුධිරය පිටවීම සහ ආතරයිටිස් රෝග තත්වයන්ට ගුණ ලබා දෙයි.
මිදිවල පෝෂණ සංයුතිය (ග්‍රෑම් 100ක)
ජලය 85.5%
මේදය 7.1%
ප්‍රෝටීන් 0.8%
පිෂ්ඨය 0.2%
විටමින් ඒ, බී2, නියැසින්, විටමින් සී
කැල්සියම් පොස්පරස් හා යකඩ බහුලව ඇත.

යුෂ මිරිකා පානය කිරීමෙන් මිදි වලින් ලබා ගත හැකි ගුණ උපරිම කරගත හැකිය. වෛද්‍ය වාර්තාවක ඊට උදාහරණ ඉදිරිපත් වේ. නිදන්ගත පාචන රෝග තත්වයෙන් පීඩා විදි සෙබලුන් පිරිසක් මිදි වගාවක් අසල ඉඩමක් කදවුරු ලා සිටියදී දිනපතා ම වාගේ මිදි යුෂ පානය කිරීමට පුරුදුව සිටියහ. ක්ලගතවත්ම ඔවුන්ගේ නිදන්ගත පාචන රෝග තත්වය සුව අතට හැරිණි. මිදි යුෂ පානය කිරීමෙන් ශරීරයේ උෂ්නාධික බව දුරුව ලේ පිරිසිදු වේ. මලබද්ධය වළකා අර්ශස් රෝග තත්වයෙන් ආරක්ෂා කරයි.
ඇමරිකාවේ සිදු කරන ලද පරීක්ෂණයක සදහන්ව ඇත්තේ මිදිවල පිළිකා නාශක ගුණයන්ද පවතින් බවයි. මිදි යුෂ පානය කිරීමේන් උදරගත සහ බඩවැල්වල ඇති විය හැකි පිළිකා අවදානම බොහෝ දුරට පාලනය කර ගත හැකිය.
Related articles
6 years 11 months ago
41,917 reads
6 years 11 months ago
1,036 reads
6 years 8 months ago
2,263 reads
6 years 11 months ago
7,024 reads
6 years 9 months ago
2,812 reads
6 years 10 months ago
3,144 reads