Submitted by Srilife on Tue, 08/11/2015 - 13:10
Colin Furze කියන්නේ අමුතු විදිහේ නිර්මාණ කරන අපූරු නව නිර්මාණකරුවෙක්. මෙයාගේ මේ අමුතු වැඩ නිසා මෙයා ගිනස් වාර්තා තුනකටත් හිමිකම් කියනවා. Colin ගේ නවතම නිර්මාණයත් වෙනද වගේම පිස්සු එකක්. උදේට නැගිටින්න කම්මැලි අයව ඉක්මනින් නගිට්ටවන්න පුළුවන් විදහේ ඇදක් තමයි ඔහුගේ අළුත්ම නිර්මාණය. හැබැයි මේ ඇදේ නිදාගත්තොත් නම්, උදේට එලාර්ම් එක වැදුනම තව විනාඩි 5කින් නැගිටිනවා කියල හිතලා ආයෙත් නිදාගන්න විදහක් නම් නෑ. මෙකද උදේ එලාර්ම් එක වදිනවත් එක්කම වාහන හොර්න් එකකුත් නාද වෙලා ඇද ඉස්සිලා ඔයාව එලියට තල්ලු කරන නිසයි. මේ විදිහට ඇද ඔසවන පිස්ටන් එක ඔහු විසින්ම නිර්මාණය කර තිබෙන අතර මේ ඇද එකලස් කරල තියෙන්නේ එයාගෙ ගෙදර ගරාජ් එක ඇතුලෙයි. මේ ඇදේ නිදාගෙන ඉන්න කෙනා ඉවතට විසි කරන වේගය අඩු වැඩි කරන්නත් පුළුවන්. Colin Furze ගේ තවත් මේවගේ අපූරු නිර්මාණ colinfurze.com වෙබ් අඩවියට ගිහින් ඔයාලට බලන්න පුළුවන්.


Related articles
6 years 1 month ago
869 reads
6 years 7 months ago
766 reads
6 years 9 months ago
723 reads
6 years 8 months ago
832 reads
5 years 10 months ago
1,612 reads
6 years 9 months ago
684 reads