Submitted by Srilife on Tue, 07/12/2016 - 11:52
බංග්ලාදේශ නව නිර්මාණකරුවෙක් විසින් පසුගිය දිනක සරල නමුත් ඉතා ප්‍රයෝජනවත් නව නපැයුමක් කිරීමට සමත් වී තිබෙනවා. ඔහු නිර්මාණය කර ඇත්තේ විදුලිය ලබා දීමකින් තොරව ක්‍රියාත්මක වන පරිසර හිකකාමී වායුසමීකරණ යන්ත්‍රයක්. eco-cooler ලෙස නම් කර ඇති මේ නිර්මාණය සඳහා ඔහු යෙදාගෙන ඇති ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ ඉවත දමන ප්ලාස්ටික් බෝතල් වීම විශේෂත්වයක්.

Ashis Paul නම් මෙම නිර්මාණකරුවා මෙවැනි විදුලිය රහිතව ක්‍රියාත්මක වන අඩු වියදම් වායුසමිකරණයක් නිර්මාණය කර ඇත්තේ බංග්ලාදේශයේ ජීවත්වන දුප්පත් ජනතාව වෙනුවෙනුයි. විශේෂයෙන් බංග්ලාදේශයේ තහඩු නිවාසවල ජීවත් වන දුප්පත් ජනතාව අධික උෂ්ණත්වය නිසා දැඩි ලෙස පීඩාවට පත් වෙනවා. උෂ්ණ අධික කාලවලදී 45 C0 දක්වා උෂ්ණත්වය පවතින අවස්ථාද වන අතර විදුලි පහසුකම් පවා නොමැති එම ජනතාවට අධික උෂ්ණත්වයෙන් මිදීමට කිසිදු පිළියමක් තිබුනේ නෑ. ඊට පිළියමක් වශයෙන් Ashis Paul මෙම eco-cooler නිර්මාණය ඉදිරිපත් කර තිබෙනවා.

මෙය නිර්මාණය කිරීම සඳහා බහුල වශයෙන් අප භාවිතා කරන ප්ලාස්ටික් බීම බෝතල් යොදාගත හැකිවනවා. එවැනි බෝතල් කීපයක් ගෙන දෙකට මැදින් කපා ඉන් බෝතලයේ ගෙල සහිත කොටස නිර්මාණය සඳහා යොදා ගන්නවා. පසුව ඒවා බෝතල් කටේ ප්‍රමාණයට හිල් විදගත් පුවරුවක් මත සවිකර ගැනිම සිදුකරන අතර බෝතල් මූඩිවලද ඉහල කොටස ඉවත් කරනවා. ඉන්පසු මූඩිය මගින් බෝතලය පුවරුවේ සිර කරගන්නවා. දැන් මෙම පුවරුව නිවසේ ජනේලයක සවිකිරීමෙන් නිවස තුලට සිසිල් වාතාශ්‍රය ලබා ගැනීමට හැකිවනවා.

මෙහිදී, පිටත සිට එන උණුසුම් වාතය බෝතලයේ ගෙල ප්‍රදේශයේ දී තෙරපීමට ලක්වන අතර එම වාතය සෙල්සියස් අංශක 5ක් දක්වා සිසිල්වී නිවස තුලට සැපයෙන බව මෙහි නිර්මාණකරු මෙහි සිද්ධාන්තය පැහැදිලි කරමින් පවසනවා.

මේවන විටත් බංග්ලාදේශය පුරා නිවාස 25000ක පමණ මෙම වායුසමිකරණය සවිකර ඇති අතර මේ ව්‍යාපෘතිය සඳහා Ashis Paulට Grey Group සහ Grameen intel Social Business සමාගම සහයෝගය ලබාදී තිබෙනවා. එම ආයතන සමග එක්වී කටයුතු කරන ස්වේච්ඡා සේවකයින් මාර්ගයෙන් තහඩු නිවාස වල වෙසෙන ජනතාවට ප්ලාස්ටික් බෝතල් යෙදාගෙන eco-cooler එකක් නිර්මාණය කරගන්නා ආකාරය පිළිබඳ අවශ්‍ය දැනුම ලබාදෙන බවත් දැන්ගන්නට ලැබෙනවා.

Related articles
6 years 1 month ago
869 reads
6 years 7 months ago
766 reads
6 years 9 months ago
723 reads
6 years 8 months ago
832 reads
6 years 9 months ago
684 reads
6 years 8 months ago
920 reads