වයස අවුරුදු 5 ට අඩු ළමුන්ට මාරාන්තික වෛරසයක්

වයස අවුරුදු 5 ට අඩු ළමුන්ට මාරාන්තික වෛරසයක්

රෙස්පිරට්‍රි සින්සිෂල් වෛරස් (RSV) නමැති  සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති කරන වෛරසයක් නිසා 2019 දී ලොව පුරා

වයස 5ට අඩු ළමුන් 100,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව පර්යේෂකයන් තොරතුරු හෙළිකර තිබෙනවා.

මෙම වෛරසය කුඩා ළමුන්ට මාරාන්තික විය හැකි අතර සිදුවූ මරණ වලින් 45% ක්ම මාස හයට අඩු ළමුන් බව වර්තාවනවා.
මේ නිසා වෛරසය මැඩලීම සඳහා ඉක්මනින්ම එන්නතක් නිපදවා මෙම මරණ වළක්වා ගැනීමට ප්‍රමුඛතාව ලබාදිය යුතු බව සෞඛ්‍ය විශේෂඥයින්ගේ අදහසයි. 
සාමාන්‍යයෙන් වසරකදී එංගලන්තයේ වයස අවුරුදු 1ට අඩු ළමුන් 20,000ක් පමණ රෝහල් ගත කිරීමට මෙම වෛරසය හේතුවන අතර එයට ප්‍රතිකාර කිරීම පහසු වුවත් රෝහල්ගත නොවීමෙන් තත්වය බරපතල විය හැකිය. 
කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම නිසා සමාජ සම්බන්ධතා අඩුවීමෙන් RSV මරණ සංඛ්‍යාව පහත වැටුණුද නැවත සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ වීමත් සමග නැවත සමාජ සම්බන්ධතා  RSV
වෛරසය ව්‍යාප්ත විම ආරම්භවි තිබෙනවා. 
''කොවිඩ් වෛරසය නිසා  පසුගිය වසර දෙක තුළ උපත ලැබූ දරුවන්ගෙන් බහුතරයක් RSVවලට නිරාවරණය වී නැහැ. ඒ නිසා මෙම වෛරසයට එරෙහිව ප්‍රතිශක්තියක් ඔවුන් සතුව නැහැ'' යැයි පර්යේෂකයින් පවසනවා.

RSV යනු කුමක් ද? එය හඳුනාගන්නේ කෙසේ ද?
RSVහි රෝග ලක්ෂණ අදියර වශයෙන් මතුවන අතර, හුස්ම ගැනීමේ අපහසුතා, කැස්ස, නාසය අවහිරවීම හෝ නාසයෙන් දියර ගැලීම සිදුවිය හැකි ය.

එය බොහෝ දරුවන් තුළ බරපතල රෝග ලක්ෂණ ඇති නොකරන අතර ළදරු පැරසිටමෝල් හෝ අයිබියුප්‍රොෆන්වලින් නිවසේ දීම ප්‍රතිකාර කළ හැකි ය.
ඔබේ දරුවා වෙනදා මෙන් ආහාර නොගන්නේ නම්, වේගයෙන් හුස්ම ගන්නේ නම් හෝ අඩු නොවන උණ ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
හුස්ම ගැනීමේ දී ඔවුන්ගේ ඉළ ඇටවලට යටින් ඇති මාංශ පේශීන් හැකිලෙන බව ඔබ දුටුවහොත්, ඔබේ දරුවා හුස්ම ගැනීමට උත්සාහ කිරීමෙන් වෙහෙසට පත්ව සිටින බවක් හෝ ඔවුන් සුදුමැලි වී දහඩිය දමා ඇති බවක් ඔබ දුටුවහොත් වහාම රෝහල්ගත වන්න. 

සමස්තයක් වශයෙන්, මෙම අධ්‍යයනය ඇස්තමේන්තුකර ඇත්තේ RSV මරණවලින් හතරෙන් තුනක් රෝහලෙන් පිටත සිදුවූ බව තහවුරුවී තිබෙනවා.

අඩු සහ මධ්‍යම ආදායම්ලාභී ප්‍රජාවන්ගෙන් ඉහළ RSV මරණ අනුපාතයක් වාර්තා වන්නේ ඉහළ ජන ඝනත්වය, දුර්වල ජීවන තත්ත්වයන් සහ සෞඛ්‍ය සේවා සඳහා ඇති සීමිත වීමයි
"සම්පත් හිඟතාවයක් තිබුණොත් රෝහල්වල සිදුවන එක් RSV මරණය එකකට රොහලෙන් පිටත දී  RSV මරණ 13ක අනුපාතයක් දකින්න ලැබෙනවා. අඩු සහ මධ්‍යම ආදායම් ලබන ප්‍රජාවන්ට RSV ප්‍රතිශක්තිකරණය ලබාදෙන එක මෙයට තිබෙන හොදම විසදුම බවයි පර්යේෂකයන් පවසන්නේ..

Related articles

© 2015 srilife.lk