වසර 68 කට පසුව ඔවුහු යළිත් හමුවූ වගයි

වසර 68 කට පසුව ඔවුහු යළිත් හමුවූ වගයි

වසර අවුරුදු 68 කට පසුව ඔවුහු යළිත් හමුවූ වගයි. වසර 1950 දී කොරියානු අර්ධද්වීපය උතුරු දකුණු ලෙසින් බෙදා වෙන් කරන විට සෑන්ග් චෝල් ට වයස අවුරුදු 4 ලැබුවා පමණි. සිය පියා සමග ඔහු උතුරු කොරියාවට යද්දි ඔහුගේ මව වන ලී කියුම් සෙයොන් අනෙකුත් දරු දෙදෙනා සමග දකුණු කොරියාව තෝරා ගත්තාය. අද, වයස අවුරුදු 71 දී ඔහු ප්‍රථම වරට වසර 68කට පසුව, සිය ආදරණීය මව මුල්වරට ඊයේ මුණ ගැසුණේ සතුටු කඳුලු සහිත දෑස් වලිනි. ඒ වන විට ලී කියුම් සියොන් මාතාව වසර 92ක වයෝවෘධ කාන්තාවක් බවට පත්ව සිටියාය.  පවුලෙන් වෙන් වන විට තමා සමග සිටි පියා අද වන

වසර අවුරුදු 68 කට පසුව ඔවුහු යළිත් හමුවූ වගයි. වසර 1950 දී කොරියානු අර්ධද්වීපය උතුරු දකුණු ලෙසින් බෙදා වෙන් කරන විට සෑන්ග් චෝල් ට වයස අවුරුදු 4 ලැබුවා පමණි. සිය පියා සමග ඔහු උතුරු කොරියාවට යද්දි ඔහුගේ මව වන ලී කියුම් සෙයොන් අනෙකුත් දරු දෙදෙනා සමග දකුණු කොරියාව තෝරා ගත්තාය. අද, වයස අවුරුදු 71 දී ඔහු ප්‍රථම වරට වසර 68කට පසුව, සිය ආදරණීය මව මුල්වරට ඊයේ මුණ ගැසුණේ සතුටු කඳුලු සහිත දෑස් වලිනි. ඒ වන විට ලී කියුම් සියොන් මාතාව වසර 92ක වයෝවෘධ කාන්තාවක් බවට පත්ව සිටියාය.

පවුලෙන් වෙන් වන විට තමා සමග සිටි පියා අද වන විට තම සමග නොමැති බවත් ඔහු මියගොස් වසර 20කට ආසන්න බවත් සෑන්ග් තම මවට ඉතා දුක්මුසුව සැළ කළේ ඇයට සිය ස්වාමි පුරුෂයාගේ ඡායාරූපයක් පෙන්වමිනි.

ඔවුන්ගේ හමුව දුක මුසුවූ සතුටුදායක හමුවක් විය. දෙදෙනාම වසර 68කින් දකින නිසාදෝ හමුවීමට පෙර චකිතයක් තිබුණද පසුව දෙදෙනාම එකිනෙක බදාගත්තේ ඉතාම නොඉවසිල්ලෙනි.

මෙම අවස්ථාව ඔවුන් ඇතුළුව තවත් පවුල් 89 කට ලැබුණේ මේ වසර මුලදී උතුරු දකුණු කොරියානු නායකයන්ගේ සාර්ථක හමුවෙන් පසුව සිදුවූ සාකච්චා වල ප්‍රතිඵලයක් ලෙසයි. මෙම අවස්තාව ලබා ගැනීම සඳහා අයදුම්පත් 55000කට ආසන්න ප්‍රමාණයක් ලැබුණු බවත් ඉන් 60%ක් ම වයස අවුරුදු 80 ඉක්මවූ අයගෙන් ලැබී අති බවත් කොරියානු මාධ්‍ය වාර්තා කොට තිබුණි.

Related articles

© 2015 srilife.lk