p.k. ගැන ඔබ නොදත් සැගවුණු කරුණු Submitted by Srilife on Fri, 07/10/2015 - 00:28 පී.කේ. කියන එකේ සිංහල තේරුම තමයි බීලා ඉන්නවා කියන එක. මම පීකේ කියලා කියන එකේ හින්දි භාෂාවෙන් තේරුම ‘‘මම බීලා’’ කියන එක. අවස්ථා කිහිපයක හැර මුළු චිත‍්‍රපටයේ අමීර් ඇසි පිය නොහෙලා සිටීමද විශේෂත්වයක්. මේ චිත‍්‍රපටය රූගත කිරීම් වලදී අමීර්ට සමහර දින වල බුලත් විට 100ක් විතර කන්න වෙලා තියෙනවා. එයා කියන විදියට සම්පූර්ණ රූගත කිරීම් අවසන් වන විට බුලත් විට 10,000කට වැඩි ගාණක් කන්න වෙලා. මෙහි ජග්ගු චරිතයට පන පොවන Anushka sharma ඉන්දියානු ක‍්‍රිකට් ක‍්‍රීඩක Virat Kohli ගේ පෙම්වතියයි. අමීර් ඛාන් ප‍්‍රථම වරට නිරුවතින් (රේඩියෝවකින් යට කොටස වසාගෙන රූප රාමුවකට ජීවිතයේ පෙනී සිටි ප‍්‍රථම අවස්ථාව තමයි මේ පී.කේ. චරිතය. මේ චිත‍්‍රපටයේ සහය අධ්‍යක්‍ෂ විදියට කටයුතු කරන්නේ අමීර් ගේ පුතා වන ජුනයිඞ් කාන් අමීර් ඛාන් සහ සංජය දත් එක්ව රගපෑ ප‍්‍රථම චිත‍්‍රපටයත් පී.කේ. සංජය දත් පීකේ රූගත කිරීම් වලට සම්බන්ධ වෙලා තියෙන්නේ සිරගත කර සිටියදී බොම්බේ උසාවියෙන් ගත් අවසරක් මතයි. චිත‍්‍රපටයක් ඉන්දියාවේදී ඉපැයූ වැඩිම ආදායම වාර්තා කරමින් පීකේ ඉන්දියාවේ බොක්ස් ඔෆිස් වාර්තා බිද හෙලා අවසන්, ඉන්දියාව තුල ඉන්දියන් රුපියල් කෝටි 300ක් සහ ලොව පුරා කෝටි 600ක් ආදායම් මෙම චිත‍්‍රපටය උපයලා තියනවා. මෙම චිත‍්‍රපටය ස`දහා වැය කළ මුදල ඉන්දියන් රුපියල් කොටි 85ක් පමණ වනවා මෙම චිත‍්‍රපටය තිරගත වීරමටත් කලින් ඒ සදහා වියදම් වූ මුදල ප‍්‍රචාරක කටයුතු වලින් උපයාගෙන තිබෙනවා. චිත‍්‍රපටය තිරගත කර ඇත්තේ දෙසැම්බර් 19 වන දිනයි. මෙහි අමීර් ඛාන් අදින සියලූම ඇදුම් සාමාන්‍ය ජනතාවගේ අදුම් වලින් තෝරා ගන්නා ලද ඒවායි . පිකේ ඉන්දියාවේ සිනමාහල් 3700 ක සහ ලොව පුරා සිනමා හල් 800 ප‍්‍රදර්ශනය කර තිබෙනවා. පී.කේ. චිත‍්‍රපටය අධ්‍යෂණය කරල තියෙන්නේ Rajkumar hirani විසින්. 2009 දී ඉතාමත් ජනපි‍්‍රය වුණ 3 idiots චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂක වරයත් ඔහුමයි. සුපිරි ක‍්‍රිකට් කී‍්‍රඩක සචින් තෙන්දුල්කාර් මෙම චිත‍්‍රපටය ප‍්‍රචාරය කිරීමට දිනකට කලින් මෙය නරඹා අමීර් ගේ රංගනය ගැන පුදුමයට පත්වී තිබෙනවා. ඔහු හැම දෙනාටම මෙම චිත‍්‍රපටය නරඹන ලෙස ප‍්‍රකාශ කර තිබෙනවා. චිත‍්‍රපයටක් ගැන මෙවන් ප‍්‍රකාශයක් සිදුකර ඇත්තේ ඔහුගේ ජීවිතයේ ප‍්‍රථම වතාවටයි. පීකේ බලපු කෙනෙකුට අහන්න තියෙන සුබම ආරංචිය තමයි මේ චිත‍්‍රපටයේ දෙවන කොටස නිර්මාණය කරන්න දැනටමත් අධ්‍යක්ෂක වරයා ඇතුලූ කණ්ඩායම තීරණය කර තිබීම. Movies ‹ Previous Next ›