ප්‍රංශ පුවත් සේවය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තමා පාරාජය භාර ගන්නා බව පවසා තිබුණා. මෙය පල කර තිබුණේ ප්‍රංශ පුවත් සේවයේ ට්විටර් ගිණුම ඔස්සේයි.
මහ මැතිවරණයේ පරාජය බාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීයැයි ප්‍රංශ පුවත් සේවය කියයි.
පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ සාමාජිකයෙකු ලෙස වැඩ කරන බව ද ඔහු පවසයි.
‘අගමැති වීමේ මගේ සිහිනය බොඳ වී ගියා. අපි පරාජය පිළිගන්නවා. අපි හොඳ සටනක් දුන්නා.‘
‘අපි දිස්ත්‍රික්ක අටක් දිනුවා. පාලක යූඇන්පිට දිස්ත්‍රික් 11ක් දිනලා.‘ යැයි රාජපක්ෂ කීවේය.
‘මෙයින් කියන්නේ අපි පරාජය වූ බවයි. ඒක අමාරු සටනක්. ‘
එහෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමා තම ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තමා එවැනි ප්‍රකාශයක් කර නොමැති බවත් තමාට තවමත් අවසන් නිල ප්‍රථිපල ලැබී නොමැති බවත්ය