ශ්‍රී ලංකාවේ දෙවන සිංහල නොවන විපක්ෂ නායක වරයා

ශ්‍රී ලංකාවේ දෙවන සිංහල නොවන විපක්ෂ නායක වරයා

 

2015 නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වරයා වශයෙන් මෙවර නම් කර ඇත්තේ රාජවරෝදියම් සම්පන්දන් මහතායි. මෙහි විශේෂත්වය වන්නේ ලංකා ඉතිහාසයේ සිංහල නොවන විපක්ෂ නායක වරයෙක් පත්වූ දෙවන අවස්ථාව මෙය වීමයි. මීට පෙර 1977 සිට 1983 දක්වා කාලයේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ඒ. අමිර්තලිංගම් මහතා සිංහල නොවන ප්‍රථම විපක්ෂ නායක වරයා වශයෙන් පත් වී තිබෙනවා.

1933 පෙබරවාරී 05 උපත ලද සම්පන්දන් මහතා දැනට 83 වන වියේ පසුවෙන දමිළ ජාතිකයෙක්.  දෙමළ ජාතික සන්ධානයයේ නායකවරයා වශයෙන් කටයුතු කරන මෙතුමා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 33,834 ලබාගෙන පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රී වරයෙක්. වෘත්තියෙන් නීතිඥයකු වන සම්පන්දන් මහතා දරුවන් තිදෙනෙකුගේ පියෙක් වෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමත් සමග අනෙක් පක්ෂ අතරින් වැඩිම ආසන සංඛ්‍යාවක් (ආසන 16ක් ) ලබාගත් දෙමළ ජාතික සන්ධානය ප්‍රධාන විපක්ෂය ලෙසත්, විපක්ෂ නායක වරයා ලෙස සම්පන්දන් මහතාත්  කථා නායක කරු ජයසූරිය මහතා විසින් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල නොවන විපක්ෂ නායක දමිල ජාතික ඒ. අමිර්තලිංගම් මහතා


මෙරට ප්‍රධාන පක්ෂ දෙක එක් ජාතික ආණුඩවක් නිර්මාණය කිරීම සහ ප්‍රධාන විපක්ෂය වශයෙන් අඩු ආසන සංඛ්‍යාවක් ලබා ගත් පක්ෂයක් පත් වීමත් සම්බන්ධව හොද මෙන්ම නරක මතයන්ද ඉදිරිපත් වන අතර මෙය ආනදෝලනාත්මක වෙනසක් ලෙසයි පැවසෙන්නේ.

මේ පිළිබද ඔබේ අදහස් Comment තීරුවේ දක්වන්න. 

Related articles

© 2015 srilife.lk