පිරිමින්ටත් උපත් පාලන පෙත්තක්..මෙන්න

පිරිමින්ටත් උපත් පාලන පෙත්තක්..මෙන්න

උපත්පාලන පෙති සියල්ලම වාගේ නිපදවා තිබෙන්නේ කාන්තාවන් සදහයි. එහෙත් දැන් විද්‍යාඥයින් පිරිමින් සඳහා හෝමෝන නොවන උපත් පාලන පෙත්තක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින අතර එය මීයන් යොදා ගෙන සිදුකල  රසායනාගාර පරීක්ෂණ වලදී සාර්ථක බව ඔප්පු වී ඇත. මේ වසර අවසානයේ දී මිනිසුන් යොදා ගෙන එහි අත්හදා බැලීම ආර්ම්භ කල හැකි බව එම පර්යේෂකයන් පවසනවා.

"කාන්තාවට උපත් පාලනය සදහා බොහෝ ක්‍රම තිබේ. පෙතිවල සිට අභ්‍යන්තර ගර්භාෂ උපාංග දක්වාම..ඒ නිසා ගැබ් ගැනිම වැලැක්වීම සදහා වැඩිම බරක් දරන්නේ කාන්තාවන් විසින්.. නමුත් මෙම සොයාගැනීමත් සමග උපත් පාලනය සදහා පිරිමින්ට ඇති වගකිම පුළුල් විය හැකියි" යැයි එම පර්යේෂකයින් මාධ්‍ය වෙත පවසා තිබෙනවා

Minnesota විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිර්මාණය කරන මෙම නව උපත් පාලන පෙත්ත මගින්, ක්ෂීරපායී සත්වයන්ගේ පුරුෂභාවය සහ සරුබව ඇති  කරන ප්‍රෝටීන විටමින් A සමග බන්ධනය වීමේ ක්‍රියාවලිය අවහිර කරයි. මෙම ඖෂධය මීයන් යෙදාගනිමින් කල අත්හදා බැලීමේදී  ගැබ් ගැනීම වැලැක්වීම සඳහා සියයට 99 ක් ඵලදායී වූ අතර කිසිදු අතුරු ආබාධයක් නොමැති බව ඇමරිකානු රසායනික සංගමයේ වාර්ෂික රැස්වීමේදී ඉදිරි පත් කරන ලද පර්යේෂණ වාර්තාවේ සදහන්.

මුඛ මර්ගයෙන් සති හතරක් සඳහා මීයන්ට මෙම ඖෂධය  ලබා දුන් විට, උන් වඳ බවට පත් වන අතරම ශුක්‍රාණු නිපදවීම විශාල ලෙස පහත වැටී තිබෙනවා. පර්යේෂණ කණ්ඩායම සතුන්ට ඖෂධය ලබාදීම නතර කල පසු මෙම මීයන් සති හතරක් හෝ හයක් තුළ සාමාන්‍ය පුරුෂභාවයට නැවත පත් වූ බව ඔවුන් පවසනවා.

මිනිසුන් යොදාගෙන සිදුකරන අත්හදා බැලීම් වල ප්‍රතිඵල අනුව, කොන්ඩම් හෝ ශල්‍යකර්ම හැරුණු විට වඩාත්ම ඵලදායී උපත් පාලන ක්‍රමය මෙය වන බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා..

දශක ගණනාව සිට පිරිමින් සදහා උපත් පාලන පෙත්තක් නිර්මාණය කිරීමට පර්යේෂණ සිදු කලත්, තවමත් සාර්ථක ඖෂධයක් වෙළදපලට නිකුත් කිරීමට කිසිවෙක් සමත් නොවූ අතර හෝමෝන මගින් සිදු නොකරන උපත් පාලන ක්‍රමයක් බැවින් මෙය අතුරු අබාධ අවම ඖෂධයක් වන බව පර්යේෂකයින් මාධ්‍ය හමුවේදී පවසා සිටියා.

උපත් පාලන ක්‍රම බොහෝ දුරට ක්‍රියාත්මක වී ඇත්තේ ටෙස්ටොස්ටෙරෝන් අවහිර කිරීමෙනි, එය මානසික අවපීඩනයට, බර වැඩිවීමට සහ ලිංගික ආශාව අඩුවීමට හේතු විය හැක. විද්‍යාඥයන් විසින් මීයන්ට නව ඖෂධය වැඩි මාත්‍රාවක් ලබා දුන් විට පවා මීයන් ඉතා හොඳින් ක්‍රියා කරන බවක් පෙනෙන්නට තිබුණි.

මියන් සදහා මෙම ඖෂධය සාමාන්‍ය මාත්රාවට වඩා 100 ගුණයක් වැඩියෙන් ලබාදුන්නද ,  කිසිදු විෂ සහිත බවක් නොපෙන්වූ බව පර්යේෂකයින් පවසා සිටියා.

 

Related articles

© 2015 srilife.lk