ඔබ බෙර පදයක් ඇහෙනකොට තාලෙට ඇඟිල්ල හරි හොල්ලන කෙනෙක්ද? එහෙනම් ඔබත් යක්ෂ කුලයේ කෙනෙක්.

ඔබ බෙර පදයක් ඇහෙනකොට තාලෙට ඇඟිල්ල හරි හොල්ලන කෙනෙක්ද? එහෙනම් ඔබත් යක්ෂ කුලයේ කෙනෙක්.

 

ගුවන් විදුලියේ හෝ රූපවාහිනියේ බෙර හඬක් හෝ වාදනයක් යන විට ඔබ ඊට අතින් හෝ කකුලෙන් තාලය තියනවද?නැත්නම් තමන්ගේ ඇඟට හෝ ලඟ තියෙන ද්‍රව්‍යයකට තට්ටුවක් දානවදමෙහෙම තාලය තියන එකේ ඉතිහාසය ඔබ දන්නවද?

ලෝකයේ සංගීත ඉතිහාසය සොයාගෙන යනකොට මුලින්ම බිහි වූ වාද්‍ය භාණ්ඩය මිනිස් සිරුර බව සොයාගෙන තියෙනවා කිව්වොත් ඔබ පුදුම වෙයි නේදඅතීත මිනිසා යම් ශබ්දයක් නිපදවා ගැනීමට තමන්ගේ සිරුරේ බඩට,පපුවටකලවා වලට, ලිංගේන්ද්‍රියන්ට ආදී අංගයන්ට තමන්ගේ අතින් පහර දුන්නාඒ වගේම තමන්ගේ කටහඬින් එක් එක් ශබ්ද නිකුත් කළාඔවුන් නොපෙනෙන බලවේග (ඉරහඳගස්ගල්යදින අවස්ථා වලදී බහුල වශයෙන් මේ ආකාරයෙන් සිදුකළාඊට පස්සෙ ලී කෝටුවකින් තවත් ලීයකට තැලීමෙනුත්සතුන්ගේ සම් ගස් බෙනයකට තබා බැඳ කෝටුවකින් තැලීමෙනුත්පොළවේ වලවල් හාරා ඒවාට හම් එළා තැලීමෙනුත් ශබ්ද නිපදවා ගත්තා.

බෙර වාදනයේ ලෝක ඉතිහාසය එහෙම වෙද්දී අපේ මේ පුංචි ලංකාවේ බෙර වාදන ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා ඇදී යනවාඒකේ ප්‍රථම අවස්ථාව විදියට අපිට හම්බවෙන්නෙ විජය කුමාරයා ලංකාවට ආපු දවසේ ඇසුණ ශබ්දයයිඒ ශබ්දය මොකක්ද කියල අහද්දි කුවේණිය කිව්වෙ ඒ සිරසවස්ථුපුරයේ යක්ෂ කුල කාන්තාවක් විවාපත් කර දෙන උත්සවයේ ශබ්දයක් බවයිඑහිදී තූර්ය ඝොෂාවක් ඇසුණු බවයි මහා වංශයේ සඳහන් වන්නේදෙවනි අවස්ථාව තමයි පණ්ඩුකාභය රජතුමා චිත්තරාජකාලවේල යන යකුන් උදෙසා පවත්වපු කාර්තික උත්සවයට සමාන යකුන් පිදීමේ උත්සවයතුන්වෙනි අවස්ථාව දේවානම්පියතිස්ස රජතුමා පවත්වාගෙන ගිය තාලාවචාරා තූර්ය වාදක කණ්ඩායම.

දේශීය සංගීතය ගැන පර්යේෂණ රාශියක් කරපු සීද එස්කුලතිලක මහත්මයා කියන්නේ අපේ බෙර වර්ගනැටුම මෙතරම් දීර්ඝ කාලයක් පැවතීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ මේ යකුන් ඇදහීමේ යාගකරණය බවයිපසු කාලයේ ලංකාවට බුදු දහම ලැබීමත් ඊට සමගාමීව ශ්‍රී මහා බෝධියේ වැඩමවීමත් සමඟ පැමිණි බෙර වාදනයනිර්මාණකරන ශිල්පීන් සිටීමත් නිසා ලාංකේය වාදන කලාව තව තවත් පෝෂණය වුණා.

මෙහෙම වර්ධනය වුණ ලංකාවේ වාදන භාණ්ඩ 60කටත් වැඩි ප්‍රමාණයක් තිබුණු බව දඹදෙනි අස්නපූජාවලිය,මහාවංශයසද්ධර්මරත්නාවලිය ආදී පොත් කියෙව්වොත් ඔයාට දැකගන්න පුළුවන්ඒත් අද වෙනකොට මේ සා විශාල බෙර රාශියකගෙන් ඉතිරි වී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි.

ඔයා මේ ලිපිය කියවනකොට ලංකාව ගැන ආඩම්බරයක් හිතෙනව වගේම මේ සා විශාල බෙර ප්‍රමාණයකින් ඇයි අපට අද බෙර වර්ග කීපයක් පමණක් ඉතුරු වුණේ කියලත් හිතෙනව ඇතිඒ සේරටම පිළිතුරු සහ අපේ බෙරවල රසවත් අතීත කතා ඊළඟ ලිපිවලින් ඔයාට කියවන්න පුළුවන්.

හැබැයි නිකමටවත් හිතුවද ඔයා අපේ බෙර පදයක් ඇහෙද්දි ඇඟිල්ලෙන් තට්ටුවක් දානකොට ඔයා යක්ෂ කුලයේ කෙනෙක් කියල? ඒ කියන්නෙ ඔයා රාවණ පුරපුරේ කෙනෙක්.

රුවන් චන්ද්‍රාධිපති

B.P.A.(SPL.)

facebook.com/ruwan

Related articles

© 2015 srilife.lk