පොත් ලියන්නෙක් අතුරුදන්

පොත් ලියන්නෙක් අතුරුදන්

 
පුරා රෑ වෙහෙසිගෙන
තනිව කියවන ලියන
සාමිනා අතුරුදන්
පිගානේ ගුල්ලෙකුව
පොතේ අලවා තබා
වීදුරුව පිරෙන්නට
පෑන තින්තෙන් පොගා
පහුවදා උදෑසන සියල්ලම එහි තියා
සාමිනා අතුරුදන්
සති අන්තෙ කඳු නඟින
වීදි වල කල් මරන
හිඟන්නන් ළඟ නිදන
සාමිනා අතුරුදන්
ඉර ඉරා විසික් කල
හිස්ම හිස් පිටු ගොඩක
අඳින්නට නොදත් ඕ
වෙහෙසී ඇති සෙයකි
නලාවක් අතින් ගත් මහල්ලෙක් ඇඳ තබා
තනිව කියවන ලියන
සාමිනා අතුරුදන්...

හර්ෂණී රණතුංග

 

Related articles

© 2015 srilife.lk