බස් ටිකට් එකේ සබන්, ලංකාවේ අළුත්ම ප්‍රචාරක කලාව

බස් ටිකට් එකේ සබන්, ලංකාවේ අළුත්ම ප්‍රචාරක කලාව


අප බොහෝ දෙනා එදිනෙදා ගමන් යෑමට භාවිතා කරන්නේ පොදු ප්‍රවාහන සේවාවක් වශයෙන් බස් රථයයි. ඒ සෑම ගමන් වාරයකදීම අපේ දෑත් වල අධික ලෙස විෂබීජ තැවරීම නොවැලැක්විය හැකි කාරණාවක්. ලංකාවේ ලියෝ බර්නට් නම් ආයතනය තමන්කේ නවතම ප්‍රචාරන කලාවෙන් මෙයට විකල්පයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් මෙය හදුන්වා දී ඇත්තේ ලංකාවේ ප්‍රම්‍රඛ පෙලේ පෞද්ගලික රෝහල් සමූහයකටයි. 
 

සාමාන්‍යෙයන් නිකුත් කරන බස් ටිකට් පතකට වඩා වෙනස් විදිහේ ටිකට් පතක් නිකුත් කර අදාල ආයතනයට එමගින් ප්‍රචාරනයක් සිදු කිරීම ඔවුන්ගේ ව්‍යාපෘතියේ අරමුණයි. එමගින් මහජනයාට යහපත් පුරුදු හුරු කිරීම ඉතා වැදගත්. 
 

මෙහිදී නිකුත් කරන බස් ටිකට් පත් නිර්මාණය වන්නේ සබන් මිශ්‍රකරන ලද කඩදාසියකයි. මගියාට බසයෙන් බැස තමන්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවක මෙම සබන් සහිත බස්ටිකට් පත භාවිතයෙන් අත පිරිසිදු කරගන්නට පුළුවන්.නව්‍ය ප්‍රචාරණ ව්‍යාපෘතිය මහජනයාට වඩාත් සුබදායි අයුරින් සිදු කිරීම පිළිබදව ලියෝ බර්නට් ආයතනයට ලොව පුරා ප්‍රතිචාර ලැබී ඇත. කෙසේ වුවත් තවමත් මෙය ප්‍රධාන බස් මාර්ග කිහිපයක පමණක් ක්‍රියාත්මක වන බව දැක්වෙනවා.



වීඩියෝව නරඹන්න :මෙතන ක්ලික් කරන්න

Related articles

© 2015 srilife.lk