ශ්‍රී ලංකාව පිහිටවු ගිනස් වාර්තා

ශ්‍රී ලංකාව පිහිටවු ගිනස් වාර්තා

 

ලොව වැඩිම කැබිනට් ඇමතිවරුන් සංඛ්‍යාවක් සිටි රජය

2005 නොවැම්බර් 17 වැනි දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් පත් කරන ලද මෙම කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 52 කින් සමන්විත විය.


ලොව වැඩිම අග්‍රාමාත්‍යවරියන් පත් වූ රට

ලොව වැඩිම අග්‍රාමාත්‍යවරින් පත් වූ රට ලෙස ගිනස් වාර්තාව හිමිවන්නේ ශ්‍රී ලංකාවටයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1960 සිට 65 දක්වා සහ 1994 සිට 2000 දක්වා දෙවරක් ද, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය 1994 වසරේ එක් වරක්ද, අග්‍රාමාත්‍ය වරියන් ලෙස පත්වී මෙම ගිනස් වාර්තාව පිහිටුවා ඇත.


ලොව උසම ස්ථූපය

අනුරාධපුරයේ ඉදිකර ඇති ජේතවනාරාම දාගැබ ලොව උසම ස්ථූපයයි. මෙය අඩි 400ක් (මීටර් 120) උසින් යුක්තවේ.


මිනිසෙක් විසින් රෝපණය කරන ලද පැරණිම වෘක්ෂය

අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපණය කරන ලද ශ්‍රී මාහා බෝධියට වසර 2300ක ඉතිහාසයක් ඇත. රෝපණය කර ඇත්තේ ක්‍රී.පු 288 දි ය.


ඔළුවෙන් බිදින ලද වැඩිම කොන්ක්‍රීට් කුට්ටි ප්‍රමාණය

2009 අගෝස්තු 23 වන දින කොන්ක්‍රීට් කුට්ටි 12 ඔළුවෙන් බිදිමින් වසන්ත ද සොයිසා මෙම වර්තාව පිහිටුවා ඇත. මෙම කොන්ක්‍රීට් කුට්ටි 12 අඩි 4ක් දිගින් ද අඩියක් පළලින් හා අගල් 3ක් ඝනකමින් යුතු ඒවා විය. බර කිලෝග්‍රෑම් 90 කි.


වැඩිම පිරිසක් සහභාගී වූ දන්ත සායනය

2015 මාර්තු 20 වන දින Unilever සමාගම විසින් මහනුවරදී සංවිධානය කරන ලද මෙම දන්ත සායනයට 9334ක පිරිසක් සහභාගී වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ දන්තාලේපයක් වන Signal දන්තාලේප අනුග්‍රහයෙන් සිදුකර ඇත. දන්ත වෛද්‍ය වරුන් 150ක් මේ සදහා යොදාගෙන ඇත.


පැයක් තුල අදින ලද වැඩිම T-shirt ප්‍රමාණය

පැයක් ඇතුලත T-shirts 257 ඇදීමෙන් සනත් බණ්ඩාර විසින් 2011 දෙසැම්බර් 22 දින මෙම වාර්තාව පිහිටුවා ඇත.


වැඩිම දෙවන මනමාලයන් සහභාගී වු විවාහ උත්සවය

2003 සැප්තැම්බර් 06 වන දින සුරේෂ් සහ ක්‍රිස්ටා දෙපලගේ විවාහය සදහා දෙවන මනමාලයන් 47ක් සහභාගී කරගෙන ඇත. ඔවුන් වයස 2 සිට 63 දක්වා අයයි. විවාහ උත්සවය කැනඩාවේ දී පවත්වා ඇත.


වැඩිම ටෙස්ට් සම්බන්ධතාවය. (ඕනෑම කඩුල්ලක් අතර)

2006 ජූලි මස 27 – 31 දක්වා දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ දී පැවැත් වු ටෙස්ට් තරගයේ දී කුමාර් සංගක්කාර (287) හා මහේල ජයවර්ධන (374) අතර තුන්වන කඩුල්ල සදහා ඇතිකරගත් ලකුණු 624ක සම්බන්ධතාවය ඕනෑම කඩුල්ලක් සදහා වැඩිම ටෙස්ට් සම්බන්ධතාවය යි.


එක්දින ක්‍රිකට් තරගයක දී ක්‍රීඩකයෙක් ලබාගත් වැඩිම කඩුලු ප්‍රමාණය

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 2001 දෙසැම්බර් 8 දින ‍කොළඹ දී පැවති එක්දින ක්‍රිකට් තරගයේ දී චමින්ද වාස් විසින් ලකුණු 19 කට කඩුලු 8ක් දවාගැනිම එක්දින තරගයක දි දවාගත් වැඩිම කඩුලු ප්‍රමාණය යි.

එක්දින තරගයක ප්‍රථම පන්දු ඕවරයේ ප්‍රථම පන්දු 3දී කඩුලු තුනක් (hat-trick)ලබාගත් පළමු ක්‍රීඩකයා

2003 පෙබරවාරි මස 15 කැනඩාව සමග පැවති තරගයේ දී චමින්ද වාස් විසින් තරගයේ ප්‍රථම පන්දු තුනේදි කඩුලු 3ක් ලබාගෙන මෙම වාර්තාව පිහිටුවා ඇත.


වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් ලබා ගත් ක්‍රීඩකයා

1992 අගොස්තු 28 සිට 2010 ජූලි 22 අතර සහභාගී වූ ටෙස්ට් තරග 133 දී කඩුලු 800ක් ලබා ගනිමින් මුත්තයියා මුරලි දරන් විසින් මෙම ගිනස් වාර්තාව පිහිටුවා ඇත.

ලොව සියළුම වර්ගයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වල වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබා ගත් ක්‍රීඩකයා.

1992 සිට 2011 දක්වා සහභාගී වූ ටෙස්ට් තරග, එක්දින තරග සහ Twenty20 තරග වල කඩුලු 1347ක් ලබාගෙන මුත්තයියා මුරලිදරන් මෙම වාර්තාව පිහිටුවා ඇත.


වැඩිම ප්‍රතිවාදීන් පිරිසක් සමග Scrabble ක්‍රීඩාව ක්‍රීඩා කල ක්‍රීඩකයා

2015 ජනවාරි 4 වන දින කොළඹදී Scrabble ක්‍රීඩකයින් 40ක් සමග ක්‍රීඩා කරමින් ලක්ෂාන් වන්නිආරච්චි මෙම ගිනස් වාර්තාව පිහිටුවා ඇත. මෙම තරග 40න් 31ක් ඔහු විසින් ජයග්‍රහණය කර ඇත.

පැය 24ක් ඇතුලත ලබා ගත් වැඩිම Scrabble ලකුණු ප්‍රමාණය

2012 නොවැම්බර් 10 සිට 11 දක්වා පැය 24ක් ඇතුලත Scrabble ලකුණු 196,525 ලබා ගනිමින් ලක්ෂාන් වන්නිආරච්චි සහ යෙෂාන් ජයසූරිය කොළඹදී මෙම වාර්තාව පිහිටුවා ඇත. ඔවුන් ක්‍රීඩා කල තරග සංඛාව 224කි.


 

Related articles

© 2015 srilife.lk