නොමිලේ Software download කරන්න පුළුවන් හොදම වෙබ් අඩවි දහයක්

නොමිලේ Software download කරන්න පුළුවන් හොදම වෙබ් අඩවි දහයක්

 

10. Tucows

Tucows කියන්නේ නොමිලේ software download කරන්න පුළුවන් පරණම වෙබ් එකක්. එහිදී ප්‍රයෝජනවත් software විශාල ප්‍රමණයක් ඔබට ලබාගන්න පුළුවන්


09. Filehorse

 

windows මෙහෙයුම් පද්ධතිය සදහා අවශ්‍ය software නොමිලේ download කරගන්න පුළුවන් තැනක් තමයි Filehorse කියන්නේ


08. Download3000

මේ වෙබ් එක Mac සහ windows සදහා අදාල වන software නොමිලේ download කරගන්න පුළුවන් තැනක්, ඒ වගේම අළුත් උපාංග හා software ගැන පාවිච්චි කල අයගේ ඇත්තම අදහස් කියවන්නත් පුළුවන්


07. Soft32

 

සෑම මෙහෙයුම් පද්ධතියකටම අදාල software නොමිලේ ලබාගන්න පුළුවන් එකම වෙබ් එක තමයි Soft32. මෙහිදී ඉතා ප්‍රයෝජනවත් software විශාල ප්‍රමාණයක් ඔබගේ OS එකට අනුව download කරගන්න පුළුවන්


06. Freewarefiles

 

නොමිලේ software ලබාගන්න පුළුවන් ලින්ක් මේ වෙබ් එක හරහා සොයාගන්න හැකිවනවා. Game, video, audio, antivirus ආදියද මේ හරහා සොයාගන්න පුළුවන්


05. Filehippo

 

2004 දී ආරම්භ කර ඇති මේ වෙබ් එක freeware, windows සදහා අදාල වන shareware ලබා ගන්න පුළුවන් හොදම තැනක්.


04. Softpedia

සම්පුර්ණයෙන්ම නොමිලේ software ලබා දෙන එකම වෙබ් එක මෙයයි. මෙහිදී Software පිලිබද තොරතුරු වගේම භාවිතාකල අයගේ අදහස් ලබාගන්නත් පුළුවන්. නොමිලේ software ලබාදෙන ලින්ක් ගැන දැනගන්න පුළුවන් විශ්වකෝශයක් ලෙස මෙය ප්‍රසිද්ධයි.


03. Brothersoft

Linux, Mac සහ windows සදහා අදාල වන software පහසුවෙන්ම ලබාගන්න පුළුවන් තැනක් ලෙස මෙය ඉතා ජනප්‍රයයි. 200000 කට අධික software ප්‍රමාණයක් මෙහදී නොමිලේම ලබාගන්න පුළුවන්. මෙය 2002 දි ආරම්භ කර ඇත.


02. Softonic

 

Softonic කියන්නේ නොමිලේ software ලබාදෙන ඉතා ජනප්‍රිය වෙබ් එකක්. මෑතක සිට software පිලිබද ඔබගේ ගැටළුවලට පිළිතුරු ලබාදිමද මෙයින් සිදුකරනවා.


01. Cnet download

 

දැනට ලෝකයේ වැඩිම දෙනෙක්  software ලබාගැනීම සදහා පැමිණෙන වෙබ් අඩවිය මෙයයි. මෙහිදී ඉතා පහසුවෙන්ම නොමිලේ හෝ මුදල් ගෙවා Linux, Mac, windows හා Mobile සදහා අදාල වන software download කරගන්න පුළුවන්. මෙය ආරම්භ කර ඇත්තේ 1996 වසරේ දීය.


 

Related articles

© 2015 srilife.lk