Submitted by Srilife on Thu, 11/24/2016 - 14:55
බ්‍රිතාන්‍යයේ Barclays බැංකුව විසින් ගනුදෙනුකරුවන් සඳහා ATM කාඩ් පත් භාවිතයකින් තොරව ස්මාර්ට් දුරකථනය ඔස්සේ මුදල් ගනුදෙනු කිරීමට හැකි නවතම තාක්ෂණයක් හඳුන්වා දීමට සුදානම්වනවා.

ඔවුන් මේ සඳහා නව app එකක් නිර්මාණය කර ඇති අතර මුලින්ම එය ස්මාර්ට් දුරකථනයේ ස්ථාපනය කරගත යුතු වෙනවා. Barclays ලෙස නම් කර ඇති එම app එකට ඔබගේ ATM රහස්‍ය අංකය සහ අවශ්‍ය මුදල් ප්‍රමාණයත් ඇතුලත් කල පසු තත්පර 30ක් වැනි සුළු කාලයක් තුල ලඟම ඇති ATM යන්ත්‍රය අසලට ස්මාට් දුරකථනය ගෙන ගිය පමණින් යන්ත්‍රය හරහා මුදල් ලබා ගත හැකිවනවා.

මෙම නව app එක නිසා ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍රය ස්පර්ශ කිරීමටවත් අවශ්‍ය නොවන අතර ඉතා සුළු කාලයක් තුල අවශ්‍ය මුදල් ලබාගත හැකිවනවා. ඒ නිසා ATM යන්ත්‍ර අසල දිගු පෝලිම් ඇති වීමක් සිදුවන්නේත් නැහැ.
බ්‍රිතාන්‍ය බැංකු සමාගම් මෙම අලුත්ම App එක එළඹෙන නව වසරේදී තම පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත වන අතර එය සාර්ථක වුවහොත් එක්සත් ජනපදයට ද මෙය ඉදිරිපත් කිරීමට ඔවුන් අදහස් කරන බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.
Related articles
5 years 6 months ago
862 reads
5 years 3 months ago
4,514 reads
6 years 4 months ago
35,802 reads
5 years 5 months ago
711 reads
6 years 7 months ago
858 reads
6 years 3 months ago
564 reads