Submitted by Srilife on Fri, 11/04/2016 - 15:57
2016 නොවැම්බර් 01 දා Guangdong හිදී ආරම්භ වූ Zhuhai චීන ජාත්‍යන්තර ගුවන් යානා ප්‍රදර්ශනයේදි චීනය නිෂ්පාදනය කළ නවතම දිගුදුර J-20 ස්ටීල්ත් ප්‍රහාරක යානා ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබුණා. J-20 යානා දෙකක් තත්තපර 60ක පමණ සුළු කාලයක් ගුවනේ දී දක්ෂතා ප්‍රදර්ශනය කර ඇති අතර ඉක්මනින් අතුරුදහන්ව ගොස් තිබෙනවා.
1990 වර්ෂයේ සිට ඉතා රහසිගතව මෙම J-20 ප්‍රහාරක ගුවන් යානා නිපදවීමේ ව්‍යාපෘතිය චීනය විසින් සැලසුම් කර තිබෙන අතර මුල්වරට මෙම යානයක් පර්යේෂණ මට්ටමින් 2011 වර්ෂයේදී ගුවන් ගත කර තිබෙනවා.
රේඩාර්වලට හසුනොවී පියාසර කළ හැකි මෙම යානා වලට පැයට කිලෝමීටර් 2100ක උපරිම වේගයකින් පියාසර කල හැකිවනවා. මෙම J-20 ස්ටීල්ත් ප්‍රහාරක යානා නිෂ්පාදනය කරන්නේ චීනයේ චෙන්ග්ඩු ගුවන් යානා සමාගම විසින් වන අතර එය චීන රාජ්‍ය ගුවන්යානා සමාගමේ උප සමාගමක් ලෙස සැලකෙනවා.
චීන හමුදාව ලොව බලවත්ම හමුදාව බවට පත් කිරිමට චීන රජය විසින් පසුගිය කාලය පුරා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර මෙම අධිතාක්ෂණික J-20 දිගුදුර ප්‍රහාරක යානා නිෂ්පාදනය කිරීම එහි තවත් පියවරක් ඉදිරියට තැබීමක් ලෙස බොහෝ දෙනා සලකනවා.


Related articles
5 years 6 months ago
862 reads
5 years 3 months ago
4,514 reads
6 years 4 months ago
35,802 reads
5 years 5 months ago
711 reads
6 years 7 months ago
858 reads
6 years 3 months ago
564 reads