ගුවන්තොටුපලක වෙලා පැය ගණනක් තිස්සේ ගුවන් ගමනට වෙලාව එනතුරු බලා ඉන්න එක ගුවන් මඟීන් බොහෝ දෙනෙකු අකමැත්තෙන් කරන කම්මැලි වැඩක්. මේ වගේ වෙලාවට අන්තර් ජාල පහසුකම්වත් තියනව නම්, මේ වෙලාව වැඩි කම්මැලිකමකින් තොරව ගෙවා දමන්න පුළුවන්. ගුවන් මඟීන් බොහෝ දෙනෙකුට තිබෙන මේ ගැටළුවට අපූරු විසදුමක් ඉදිරිපත් කරන්න අති දක්ෂයෙක් සමත් වෙලා තියනවා.
පරිගණක ආරක්ෂණ ඉංජිනේරුවරයෙක් වන Anil Polat නැමත්තා තමයි මේ අපූරු විසදුම ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔහු විසින් ලෝකයේ තිබෙන ප්‍රධාන ගුවන්තොටුපල 130ක WI-FI ජාලවල passwords ඇතුලත් මැප් එකක් අන්තර්ජාලයට මුදා හරින්න සමත්වෙලා තිබෙනවා. එම සිතියමේ සලකුණු කර ඇති ගුවන්තොටුපල මත click කිරීමෙන් එම ගුවන්තොටුපල තුල ඇති WI-FI ජාලවල passwords ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලබාදී තිබෙනවා.
නමුත් කෙනෙකුට කියන්න පුළුවන් මේක තේරුමක් නැති උත්සාහයක් කියලා. මොකද මේ සිතියම ලබා ගන්නත් අන්තර්ජාල පහසුකමක් අවශ්‍ය වන නිසා. එහෙත් එම ගැටළුවට විසදුමක් විදිහට මෙහි නිර්මාණකරුවා විසින් offline මැප් එකකුත් නිර්මාණය කරන්න සමත් වෙලා තියනවා.
මේ මැප් එකෙන් කටුනායක ගුවන් තොටුපලේ ඇති WI-FI ජාලවල password ද නිකුත් කර තිබෙන අතර එම සම්බන්ධතා සහ ඒවායේ password මේවායි.
Araliya Lounge; password: B1@lounge
World Duty Free Departure Shop password: WDFG@T803
Lotus Lounge network name: #WIFI@LotusLounge password: B1@lounge
පහත මැප් එකේ දක්වා ඇති ගුවන් තොටුපල මත click කිරීමෙන් ඒවායේ WI-FI password ලබා ගැනීමට පුළුවන්