ලෝකයේ වාසනාවන්තම රැකියා

ලෝකයේ වාසනාවන්තම රැකියා

 

1. පැරඩයිස් දුපතේ රැකවලා

 ඕස්ටේ‍්‍රලියාවේ හැමිල්ටන් දුව රැකබලා ගැනීමේ තනතුරු ලෝකයේ රැකියා අතර විනෝදාත්මකම රැකියාවක්. මේ තනතුර සදහා ලැබුණු ඉල්ලුම්පත් 35 000ක් අතුරින් තෝරා ගත්තේ 34 හැවිරිදි Ben Southall. ඔහුට පැවරුණු රාජකාරිය හැමිල්ටන් දුවේ පිහිනමින්,ගවේෂණය කරමින් නිවාඩු සුවය විදිම්න් සිටීමටයි. ඒ අතර දුපත ගැන  blog අඩවියක් හරහා ප‍්‍රචාරණය සිදුකිරීමින් ජනතාව දැනුවත් කිරීමද කල යුතුවේ. ඔහුගේ රැකියාව මාස 6ක් සදහා පමණක් වුවත් ඔහුගේ මාසික වැටුප ඩොලර් 110 000 පමණ වේ. මෙම මාස 6 ගත කිරීමට කාමර 3ක් සහ පිහිනුම් තටාකයක් සහිත විලා එකක් හිමිවේ. මේ රැකියාව ඔහුට ලැබූණේ දින 4ක interview එකකින් පසුව වන අතර එහදී ඔහුගේ පිහිනීමේ හැකියාව, blog පිළිබද දැනුම සහ තවත් බොහෝ දේ පරීක්‍ෂාවට ලක් කර ඇත.


 

2. සුඛෝපභෝගී ඇදන් පරීක්‍ෂක


මේ රැකියාවේ හිමිකාරිය Birmingham විශ්වවිද්‍යාලයේ සිසුවියක් වන 22 හැවිරිදි Roisin Madigan ය. සුවපහසු ඇදන් නිශ්පාදනය කරන Simon horn නම් සමාගමේ ඇදන් මත උදේ 10 සිට හවස 6 දක්වා ගත කරමින් ඒවාගේ තත්වය පරීක්‍ෂා කිරීම ඇයට හිමි රාජකාරියයි. ඒ සදහා ඇයට එක් දිනකට පවුම් 1000ක් බැගින් ගෙවනු ලැබේ. අවාසනාවට මේ රැකියාව මාසයකට පමණක් සීමාවේ.


 

3. විනෝද උද්‍යාන වල Waterslide පරීක්‍ෂක


ලොව පුරා රටවල් ගණනකම Waterslide පරීක්‍ෂා කරන Tommy lynch මේ වසරේ පමණක් ලොව වටා කිලෝමීටර් 27000ක් පමණ සංචාරය කර ඇත. ඔහුගේ කාර්ය වන්නේ Waterslide  වල වේගය, ජල ප‍්‍රමාණය, සුරක්‍ෂිත තාවය වැනි කරුණු පරීක්‍ෂාවට ලක් කිරීමයි.


 

4. වෘත්තීයමය ගණිකාවන් පරීක්‍ෂක


මේ විකාර රැකියාව සිදුකරනු ලබන්නේ නම් Jaime Rascone පුද්ගලයා වන අතර ඔහුට මේ රැකියාවේ යෙදීමට ඇත්තේ මසකට එක් දිනක් පමණි. වසරක් පුරා ඔහු ගණිකාවන් 70ක් පමණ පරීක්‍ෂා කල යුතු වේ.


 

5. වයින් පරීක්‍ෂක


දිනපතා නිවසටම පැමිණෙන 450ක් පමණ වයින් නිශ්පාදකයන්ගේ වයින් වල තත්වය පරීක්‍ෂා කිරීම සහ එම වයින් පිළිබද තොරතුරු හා පින්තූර අන්තර්ජාලයට මුදා හැරීම Hardy wallace ගේ රාජකාරියයි. මාස 6ක් පමණක් හිමිවන මෙම රැකියාව සදහා ඔහුට මසකට ඩොලර් 10000ක් පමණ ගෙවනු ලැබේ. මේ මාස 6 නම් ඔහුට අවුරුදු වගේ ඇති නේද?


 

6. රසකැවිලි පරීක්‍ෂක


ලෝකේ තවත් රසවත්ම රැකියාවක් වන මේ රැකියාව හිමිවන්නේ වයස අවුරුදු 12ක පාසැල් සිසුවෙක් වන Harry Willsher හටයි. එයාට පැවරෙන රාජකාරිය වන්නේ රස කැවිලි නිපදවන සමාගමක රහසිගත රසකැවිලි වට්ටෝරු වල රස පරීක්‍ෂා කිරීමටයි. මෙයාට තමයි දැනට ඉන්න ලා බාලතම රසකැවිලි පරීක්‍ෂක. විවිධ ටොෆී, ලොලිපොප් වර්ග වල රස සහ සුවද පරීක්‍ෂා ඔහුට වැඩි කාලයක් යන්න කලින් දියැඩියාව හැදෙයිද දන්නෙ නෑ.


 

7. World of warcraft පරිගණක ක‍්‍රීඩාව පරීක්‍ෂක


මේ රැකියාවට නම් ඔයාටත් ඉල්ලූම් කරන්න පුළුවන්. සුදුසු කම තමයි සති 2ක් ඇතුලත පැයකට 200 gold සහ level 80 දක්වා මේ ගේම් එකෙන් යන්න පුළුවන් වීම. මිලියන 12ක් වන මේ පරිගණක ක‍්‍රීඩාවේ නියත වන්නන්ගේ සිහිනය මේ රැකියාව වුවත් ඉංග‍්‍රීසි හැර වෙනත් භාෂාවක් දන්නවානම් මේ රැකියාව ලබා ගැනීම තරමක් පහසු වන්නේ ඔවුන් මේ දිනවල වෙනත් භාෂාවන් ගෙන් මෙම ක‍්‍රීඩාවේ යෙදන පරීක්‍ෂකයින් ඉල්ලූම් කර ඇති නිසයි. ඔබත් World of warcraft පරිගණක ක‍්‍රීඩාවේ යෙදෙන්නෙක් නම් ඉල්ලූම් කරල බලන්න. Game එක Play කරන ගමන් සල්ලි හොයන්නත් පුළුවන් හැබැයි දිනකට පැය 4ක් වත් මේ ක‍්‍රීඩාවේ යෙදෙන්න වෙනව කියල තමයි සමාගම කියන්නේ.


 

8. විනෝදාශ්වාද අධ්‍යක්‍ෂක


York's National Railway Musium  එකේ Director of fun කියන තනතුර කියන්නේ විශේෂ රැකියාවක් නෙමෙයි. ඒත් මේ රැකියාව විශේෂ වෙලා තියෙන්නේ මේක හිමි වෙලා තියෙන්නේ වයස 6ක පොඩි කොලූවෙකුට වීම නිසයි. මේ තනතුර සදහා ලැබුණු අයදුම් පත් අතර කුඩා දරුවෙක් වන Sam pointon ගේ අයදුම්පතකුත් තිබිලා.

ඒ අයදුම්පතේ තිබුණේ ‘‘ මට වයස 6ක් වුනත් මට මේ රැකියාව කරන්න පුළුවන් වෙයි කියල හිතනවා’’ ඒ වගේ ඔහු ලියල තිබුණා ‘‘මට සෙල්ලම් විදුලි දුම්රිය මාර්ග පද්ධතියක් තියෙනවා. එහි එකවර දුම්රිය 2ක් ධාවනය කිරීමේ හැකියාව තියෙනවා.’’ මේ ලිපිය දැක්කට පස්සේ කෞතුකාගාර පාලකයන් ඔහුට මේ රැකියාව දෙන්න තීරණය කරල තියෙනවා.


 

9. ගූගල් මැප් සදහා පාපැදි ඡායාරූප ශිල්පියා


මේ රැකියාවේ කරන්න තියෙන්න ප‍්‍රංශය සංචාරය කරමින් Google Street map සදහා ඡායාරූප ගැනීමයි. මේ වාසනාවන්ත රැකියාව දෙදෙනෙකුට පමණක් හිමිවී ඇති අතර ඒ සදහා ඔවුන්ට කැමරා 9ක්, GPS, පරිගණකයක් සහ ජෙනරේටරයකින් සමන්විත සුවිශේෂී ට‍්‍රයිසිකල් 2ක් ලබා දී තිබෙනවා. 


source:oddee.com

 

 

Related articles

© 2015 srilife.lk