Submitted by Srilife on Sat, 10/03/2015 - 09:47
මේ අමුතුම අවසන් පෙම් හසුන චීනයේ තරුණයෙකු විසින් ලියන ලද එකක්. මේක ලෝකයේ මිල අධිකම අවසන් පෙම් හසුන කියල කීවොත් ඔබ පුදුම වෙන එකක් නෑ. මොකද මේ ලියුම ලියල තියෙන්නේ අළුත්ම ඇපල් I phone 6 දුරකතන 9ක Screen එක උඩ. I phone 6 මාදිලයේ දුරකතනයක මිල රුපියල් ලක්ෂයකට වැඩි නිසා ලිපිය ලියන්න මේ තරුණයාට රුපියල් ලක්ෂ 10ක් විතර වියදම් වෙලා තියෙනවා.
දුරකතන වල Screen එක උඩ ලියල තිබුණේ මේ විදියට ‘‘ ගිය සැප්තැම්බර් මාසයේ ඔයා මාව අතෑරලා මගේ යාළුවා ලගට ගියා හේතුව I phone 6 එකක්. ගොඩක් ස්තූතියි මම ගැන පහත් විදියට බැලුව එක ගැන. එයින් මට පුළුවන් වුණා ගොඩක් මහන්සිවෙලා වැඩ කරන්න (සහ සාර්ථකත්වයට පත්වෙන්න) අපි වෙන්වීමේ පළමුවෙනි සංවත්සරයේදී මම ඔයාට I phone 6 දුරකතන 9ක් තෑගි කරනවා අහිමි වුණ අපේ ආදරයේ දුක ප්රකාශ කරන්න.“

එකම දුරකථනයේ screen protectors 9ක් යොදාගෙන මෙය ලියා ඇති බවට මත පල වුණත්, මේකෙන් අපේ අයට ගන්න හොද ආදර්ශයක් තියෙනවා. ආදරයක් බිද වැටුණම කෝච්චියට පැනල මැරෙන්නේ නැතිව, ආදරවන්තියටත් පිහියෙන් ඇනල තමන්ගේ බෙල්ලත් කපා ගන්නේ නැතිව, වීරයෝ යාළුවොත් එකක් එකතුවෙලා ආදරවන්තියට ගහන්නේ නැතිව මේ විදියට තමන් සාර්ථකත්වයට පත් වෙන එක තමයි දෙන්න පුළුවන් හොදම පිළිතුර
Related articles
5 years 9 months ago
7,477 reads
5 years 9 months ago
4,046 reads
5 years 9 months ago
5,074 reads
4 years 2 months ago
1,144 reads
5 years 9 months ago
3,929 reads
5 years 6 months ago
1,598 reads