ගැඹුරු මුහුදේ දී කැමරාවක සටහන් වු අත්භූත මුහුදු ජීවියා. පිටසක්වලින් පැමිණියා ද?
Submitted by Srilife on Fri, 09/25/2015 - 11:45ලෝකයෙන් තුනෙන් දෙකක් පුරා පැතිරිලා තිබෙන සාගරයෙන් 5%ටත් අඩු ඉතා සුළු ප්රමාණයක් පමණයි තවමත් ගවේෂණය කරල තියෙන්නේ. ඒ නිසා අපි නොදන්න අබිරහස් මුහුදු ජීවීන් ඕනෑ තරම් මහ මුහුදේ සගවිලා ඉන්න පුළුවන්. මේ අභිරහස් ජීවියා පටිගත වෙලා තිබුණේ මෙක්සිකෝවේ අඩි 5000ක් ගැඹුරු මුහුදේ පිහිටි තෙල් ලිදක් අසල සවිකර තිබු දුරස්ථපාලක කැමරාවකයි. මේ අත්භූත සත්වයා දකින ඕනෑම කෙනෙක් ඉතා පුදුමයට පත්වන අතර පිටසක්වලින් පැමිණි ජීවියෙක් කියලා හිතන්න පෙළඹෙන එක පුදුමයක් නෙමෙයි. එත් සමහරු නම් සිතන්නේ මේ සතා Deepstaria enigmatica කියන ජෙලි ෆිෂ් වර්ගයට අයත් සතෙක් කියලයි.