මිනිසුන්ගේ වැරදි නිසා දුක් විදින කැස්බැවකු බේරාගත් අනුවේදණිය වීඩියෝවක්

මිනිසුන්ගේ වැරදි නිසා දුක් විදින කැස්බැවකු බේරාගත් අනුවේදණිය වීඩියෝවක්

මේ කැස්බෑවා කොස්ටා රීකා මුහුදේ කැස්බෑවන් ගවේෂණය කරමින් සිටි කණ්ඩායමකට හමුවුන විට ඉතා ලොකු කරදරයක වැටිලයි හිටියේ.  ඒයාගේ නහයේ යම් දෙයක් සිරවී තියන අයුරු ගවේෂණ කණ්ඩායමේ අය දැක්කා. මුලින්ම ඒ අය හිතවේ මේ පරපෝෂිත පණුවෙක් කියලා. එත් හොදට මේක දිහා බලන කොට ඔවුන් දැක්කා මේක ප්ලාසිටික් බීම බටයක් කියලා.

මුහුදේ පාවෙන අපද්‍රව්‍ය ආහාරයට ගැනීමට කැස්බෑවන් දැන් හුරුවෙලා තියෙනවා. මේ බීම බටය අහාරයට ගන්න ගිය මේ කැස්බෑවාට වැරදීමකින් මේක නහයේ හිරවෙලා කියල තමයි ගවේෂණ කණ්ඩායමේ අය හිතන්නේ.

ගවේෂණ කණ්ඩායමේ අය අඩුවක් ආධාරයෙන් ලොකු ප්‍රයත්නයක් දරලා මේ බටය ඉවත් කලා. ඒත් මේ කැස්බෑවට නම් මේක ගොඩාක් වේදනාකාරී දෙයක් වුණු බව තමයි වීඩියෝව බලන කොට පෙනෙන්නේ. කොහොම හරි මේ බටය ඉවත් කලාට පස්සෙ නම් කැස්බෑවට ඉතා පහසුවෙන් හුස්ම ගන්නවා ඇති.

මුහුදේ ජීවත්වන සතුන්ට මුහුණ පාන්නට සිදුවෙන මේ කරදර වලට හේතුව මුහුදට අපද්‍රව්‍ය බැහැර කරන මිනිසුන් නිසා බව ඉතා පැහැදිලියි. නමුත් මිනිසුන්ගේ වැරදි වලට වන්දිගෙවන මේ වගේ අහිංසක සතුන්ගේ ජිවිත බේරා ගැනීමට කැප වන මෙවැනි ගවේෂකයින්ට අපි කෘතවේදී විය යුතුයි.

Sea Turtle with Straw up its Nostril - "NO" TO PLASTIC STRAWS

© 2015 srilife.lk