වල්අලි ප්‍රහාරයෙන් අනූනමයෙන් ජීවතේ බේරාගත් බයිසිකල්කරුවන් දෙදෙනා Submitted by Srilife on Tue, 09/15/2015 - 15:09 ඉන්දියාවේ Gorumara ජාතික වන උද්‍යානය හරහා වැටී ඇති මාර්ගය අවහිර කරගෙන සිටි ඇතෙක් පසුකර යෑමට උත්සාහ කල බයිසිකල්කරුවන් දෙදෙනෙකුට මුහුණ දීමට සිදුවු ත්‍රාස්‍යජනක සිදුවීමක් තමයි මේ. ඇතා මෙලෙස මාර්ගය අවහිර කර සිටීම නිසා බොහෝ මගීන් පිරිසකට මාර්ගයේ ගමන් කිරීමට නොහැකිව බලා සිටි අතර එහි සිටි අයෙක් විසින් මෙම විඩියෝව පටිගත කර තිබෙනවා. යතුරුපැදියේ ශබ්දය නිසා කුපිත වු මේ ඇතා ඒ දෙසට ගමන් කරන විට යතුරුපැදිය අතහැර එහි ගමන් ගත් දෙදෙනා ඉවතට දිව ගොස් දිවි ගලවාගෙන ගත් අතර ඇතා යතුරුපැදියට පහරදෙන අයුරු වීඩියෝවේ සටහන් වී තිබුණා. අවසානයේ මේ ඇතා මාර්ගයෙන් ඉවත් කිරීමට වනජීවි නාලධාරීන් පැමිණ අලි වෙඩි දැමීමට සිදු වු බව ද වර්තා වෙනවා. Biker had to run for his life to escape rampaging elephant Video of Biker had to run for his life to escape rampaging elephant Animals ‹ Previous Next ›