ලෝකයේ සුප්රකට ලෝගෝ ඒ විදහටම අතින් අඳින සුපිරි නිර්මාණකරුවා
Submitted by Srilife on Wed, 12/09/2015 - 15:51පාසල් යන කාලයේ ඔබ කැමතිම ආයතනවල, චිත්රපටවල, සංගීත කණ්ඩායම්වල නිල ලංඡන පොතේ පිට කවරයේ හෝ ඩෙස් එකක් මත ඇදීමේ පුරුද්දක් ඔබටත් තිබුණාද? සමහර ඒ පුරුද්ද තිබුණ යාළුවෙක් ගැන හරි ඔබේ මතකයේ ඇති.
අපි බොහෝ දෙනෙක් කුඩා කාලයේ කල ආකාරයට Seb Lester නම් එංගලන්ත නිර්මාණකරුවාත් සුප්රකට වෙළද ලංඡන කීපයක් නැවත අතින් නිර්මාණය කර තිබුණා. ඔහුගේ මේ නිර්මාණ අතුලත් විඩියෝව අන්තර්ජාලයට නිකුත් විමත් සමග ඔහුගේ මේ විශේෂිත හැකියා ගැන බොහෝ දෙනා පුදුමයට පත් වුණා. ලෝකයේ තිබෙන හොදම තාක්ෂණික මෙවලම් උපයෝගි කරගෙන නිර්මාණය කල සුප්රකට වෙළද ලාංඡන පින්සලක්,කොලයක් සහ තීන්ත පමණක් භාවිතා කරමින් ඒ ආකාරයෙන්ම නැවත අතින් අදින්න මොහුගේ හැකියාව දැක්කොත් ඇත්තෙන්ම ඔබත් පුදුමයට පත් වේවි.